මැයි මාසේ 5000 ගන්න නම් සමෘද්ධි බැංකුවල ගිණුම් අරඹන්නලු
කොරෝනා වයිරසයේ අවදානම හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ සමෘද්ධි හිමිකම් නොලබන මහජනතාව වෙනුවෙන් රජය මගින් ලබාදුන් රුපියල් 5000 දීමනාව මැයි මාසයේදී ලබාදීමට නම් සමෘද්ධි බැංකුවල රුපියල් 100ක් ගෙවා සාමාජික නොවන ඉතිරිකිරීමේ ගිණුම් අනිවාර්යයෙන් ආරම්භ කරන ලෙස සියලුම සමෘද්ධි සංවර්ධන නිලධාරීන් වෙත සමෘද්ධි අධ්යක්ෂ ජනරාල් ආර්.පී.බී. තිලකසිරි මහතා ඉකුත් මැයි 17 වැනිදා නිකුත්කර ඇති ලිපියකින් උපදෙස් දී ඇත.