IMG-LOGO

ගාල්ල උසාවිය දින 3 ක් වහයි

(ජේ.කේ.එල්. චාමින්ද)
 
කොරෝනා  අවදානම හේතුවෙන්  සෞඛ්‍ය අංශවල නිර්දේශ මත ගාල්ල මහාධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය, දිසා හා සිවිල් අභියාචනා අධිකරණ හා කම්කරු විනිශ්චය සභාව හෙට (18) සිට දින තුනක කාලයකට වසා දැමීමට තීරණය කර ඇති බැව් ගාල්ල නිතිඥ සංගමයේ ලේකම් සමිත් තුෂාර ගාල්ලගේ මහතා පවසයි.

මහාධිකරණ විනිසුරු, දිසා අධිකරණ විනිසුරු හා මහේස්ත්‍රාත් සහ ගාල්ල නීතිඥ සංගමයේ නීතිඥයින් සමග අද (17) දහවල් පැවති සාකච්ඡාවකින් පසු  සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් මත මෙම තීන්දුව ගත් බවද නිතිඥ සංගමයේ ලේකම්වරයා පැවසීය.

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ  සිටි රැදවියකු ඇප ලබා පසුගිය 11 වැනිදින   සිය නිවසට ගොස් ඇත. ඔහු යක්කලමුල්ල බටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 12 වැනිදින මොහු  ගාල්ල අධිකරණයට පැමිණ නීතිඥයින්  කිහිපදෙනෙකු හමුවී ඇති බවද නිතිඥ සංගමයේ ලේකම්වරයා පවසයි.  පෙරේදා (14) දින මොහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත.

පවතින තත්වය යටතේ සෞඛ්‍ය නිර්දේශ මතඅවදානම් තත්වය සැලකිල්ලට ගෙන මෙකි අධිකරණ හෙට සිට වසා දැමීමට තීන්දුකරණු ලැබු බවද  ඒ මහතා  පවසයි. නඩු කටයුතුවල ඉදිරි දින දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරණ බවද නීතිඥ සංගමයේ ලේකම්වරයා පවසයි. කෙසේවුවද ලබන සදුදා සිට අධිකරණවල කටයුතු සාමන්‍ය පරිදි සිදුකරණ බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.
 



අදහස් (0)

ගාල්ල උසාවිය දින 3 ක් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 528 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 699 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 286 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site