IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


ජල ගැලුම් නිම්නයේ වනෝද්‍යානය මැදිනුත් පාරක් කපන්න යයි

 

(ක. ග. කරුණාරත්න)

මනම්පිටිය පාලමේ සිට මහවැලි ගඟට සමාන්තරව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යාණය මැදින් කිලෝ මීටර් 13ක් දුරැති  මාර්ගයක් ඉදිකිරීමට කටයුතු සම්පාදනය කෙරෙමින් පවතී. එහෙත්  මෙම මාර්ගය ඉදිකිරීම නිසා ප්‍රදේශයේ දැනට පවතින අලි මිනිස් ගැටුමට අමතරව තවත් බරපතල පාරිසරික හා සමාජීය ගැටළු රාශියකට ඉදිරියේදී මුහුණපෑමටට සිදුවනු ඇතැයි වනජීවී අඩවි සහකාරවරුන්ගේ සංගමය කියා සිටී.

වස්ගමුව ජාතික වනෝද්‍යානයට නව පිවිසුමක් ලෙස අඹන්ගඟ ප්‍රදේශයේ ආරම්භ කිරීමට බලාපොරොත්තුවන නව පිවිසුම් මාර්ගයද ඉදිරියේදී රක්‍ෂිතයේ වන සතුන්ගේ පැවැත්මට බලවත් තර්ජනයක් බවද වනජීවී අඩවි සහකාරවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

වන වගා කිරීමේ ගරු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්‍වයෙන් පැවැති ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමේ රැස්වීමකදී ගත් තීරණවලට අනුව වනජීවී රක්ෂිත අනතුරට පත්වී ඇති බව වනජීවී අඩවි සහකාරවරුන්ගේ සංගමය විසින් වනජීවී අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා වෙත අද (16) යවන ලද ලිපියකින් පෙන්වා දී තිබේ.

වනජීවී අඩවි සහකාර වෘත්තිකයින්ගේ සංගමය “පොලොන්නරුව කලාපයේ වනජීවී රක්‍ෂිතවලට එල්ලවී ඇති අහිතකර බලපෑම් ඉවත් කිරීම සඳහා” මැයෙන්  වනජීවී අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා වෙත අද (16) ලිපියක් යොමු කරමින් මේ බව පෙන්වා දී තිබේ. එම සංගමයේ ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. ජී. වීරසේන මහතාගේ අත්සනින් යුතුව යොමු කර ඇති එම ලිපියේ මෙසේද දැක්වේ.

2020 නොවැම්බර් 15 වෙනි දින පොලොන්නරුව පුලතිසි චන්‍ද්‍ර මණ්ඩපයේදී විදුලි වැට, අගල් ඉදිකිරීම් හා වන වගා කිරීමේ ගරු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්‍වයෙන් පැවැති ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමේ රැස්වීමේ ගත් තීරණවලට අනුව වනජීවී රක්ෂිත අනතුරට පත්වී ඇති බව දන්වා සිටිමි.

මනම්පිටිය මහවැලි ගඟ පාලම ස්ථානයේ සිට ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් මහවැලි ගඟට සමාන්තර වනසේ යක්කුරේ දක්වා මාර්ගයක් ඉදි කිරීමට දෙපාර්තමේන්තු සහ අමාත්‍යංශ නිලධාරීන්ගේ විරෝධය නොතකා තීරණය කර ඇති බව වනජීවී නිලධාරීන්ගෙන්  අප සංගමයට තොරතුරු වාර්තාවී ඇත.

රක්‍ෂිතයක් මැදින් මාර්ගයක් ඉදි කිරීම මගින් සිදුවන්නේ රක්‍ෂිතයේ ජීවත්වන වනජීවී ගහනයන් සහ ඔවුන්ගේ පරිසරය ඛණ්ඩනය වීමයි. ජීවීන්ගේ වඳවීමේ සීග්‍රතාවය ගහණයේ විශාලත්වය මත තීරණය වේ. වාසස්ථාන ඛණ්ඩනය වීමෙන් ගහණයන් ජීව විද්‍යාත්මකව හුදෙකලා කුඩා ගහණයන් බවට පත්වේ. ඉන් සිදුවන්නේ ගහණයේ වඳවීමේ සීග්‍රතාවය බලවත් ලෙස ඉහළ යාමයි.

යක්කුරේ ගම්වාසීන්ට දැනට පොලොන්නරුව සිට මහියංගණය දක්වා දිවෙන කාපට් ඇතිරූ  මාර්ගය ඔස්සේ යක්කුරේ දක්වා ප්‍රවාහණ පහසුකම් ලබා ගැනීමේ හැකියාව තිබියදී ශ්‍රී ලංකාවටම අගනා වියලි කලාපයේ පවතින මෙවැනි එකම තෙත් බිම් ජාතික වනෝද්‍යාණය මැදින් මාර්ගයක් තැනීම මගින් තවත් මෙවැනිම මහජන ඉල්ලීම්වලට වැරදි පූර්වාදර්ශයක් ලැබෙන බවත්, මෙවැනි මහජන අවශ්‍යතා සඳහා කෙටි මාර්ග සෙවීම ඥාණාන්විත නොවන බවත් අප සංගමය සැලකර සිටිමු.

එසේම ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යාණය මැදින් කිලෝ මීටර් 13 ක් දිගින්  මෙම මාර්ගය ඉදි කිරීම නිසා දැනට ඉතිරිවී ඇති බන්ඩියා විල්ලුව සහ හඳපාන්විල්ලුව, වැනි සුවිශේෂී විල්ලු පද්ධතිය විනාශයට ලක්වීමද අනිවාර්යෙන් සිදුවන්නකි- එමෙන්ම දැනට පවතින අලි මිනිස් ගැටුමට අමතරව බරපතල පාරිසරික විනාශයක් සිදුවීමට අඩිතාලම වැටෙන බව අප සංගමය කියා සිටිමු.

මහවැලි බී කලාපය, මහවැලි සී කලාපය පොලොන්නරුව ඇතුළු ප්‍රදේශවල මහජනතාවට මේ හේතුව නිසා දැඩි වන අලි ගැටළුවකට මුහුණපෑමට ස්ථිරවම සිදුවන බව ප්‍රකාශකර සිටිමි- නිලධාරීන්ගේ විරෝධය මැද මෙ සංවර්ධන කටයුතු සිදු කිරීමෙන් ඉදිරියේදී මුහුණපෑමට සිදුවන පාරිසරික හා සමාජයීය ගැටළුවලට, මෙයට නායකත්වය දෙන සෑම පුද්ගලයෙකුම වගකිවයුතු බව අවධාරණයෙන් කියා සිටිමි.

එසේම වස්ගමුව ජාතික වනෝද්‍යානයේ නව පිවිසුමක් ලෙස අඹන්ගඟ ප්‍රදේශයේ ආරම්භ කිරීමට බලාපොරොත්තුවන නව පිවිසුම් මාර්ගයද ඉදිරියේදී රක්‍ෂිතයේ වනසතුන්ගේ පැවැත්මට බලවත් තර්ජනයක් වන බව දන්වා සිටිමි- එසේ කිරීමට අවශ්‍යවන්නේ නම් ක්‍ෂෙත්‍රයේ වගකිවයුතු පාර්ශවවලින් අදහස් ලබා ගැනීමෙන් පසුව දීර්ඝකාලීන සැලැස්මකට අනුව එය කලයුතු බවත් සංගමයක් ලෙස අප දන්වා සිටිමු- මේ වන විටත් පිවිසුම් මාර්ග දෙකක් ඇලහැර කිරිඔය ප්‍රදේශයෙන් සහ හඳුන්ගමුව ප්‍රදේශවලින් ලබාදී ඇති බවත් දන්වා සිටිමු.

ශ්‍රී ලංකාව සෞභාග්‍යයේ දැක්ම කරා ගෙනයාමට නම් හුදෙක් වනජීවී සම්පත් සෘජුව පරිභෝජනය කිරීම වෙනුවට වනජීවී සංරක්‍ෂණය තුලින් ලැබෙන්නාවූ අති මහත් ප්‍රතිලාභ මැනැවින් හඳුනාගෙන ඒ ඔස්සේ රට මෙහෙයැවිය යුතුබව අප සංගමය අවසන් වරට වගකිවයුතු සෑම පාර්ශවයකින්ම ඉතා ඕනෑකමින්  ඉල්ලා සිටිමු.



අදහස් (12)

ජල ගැලුම් නිම්නයේ වනෝද්‍යානය මැදිනුත් පාරක් කපන්න යයි

Pradeep Monday, 16 November 2020 05:13 PM

මෑත කාලයේදී අපේ රටේ බිහිවූ කිසිදු පාලකයෙකුට වනාන්තර හා වන සතුන් රැකගැනීමේ කිසිදු උවමනාවක් තිබුනේ නෑ. ඔවුන් කලේ හිතූ හිතූ විදියට තම තමන්ගේ හිතවතුන්ට මේවා විනාශ කිරීමට අවකාශ සලසලා දීපු එක විතරයි. ඒ ඇතැම් විට තමන්ටත් ඉන් යම් යම් වාසි ලබා ගැනීම සදහාත් විය යුතුයි. ඔක්සිජන් කියන්නේ මොනවද ඉන් ලැබෙන ප්‍රයෝජන මොනවාද කියලාවත් නොදන්න අපේ පාලකයින්ගෙන් තව මොනවා බලාපොරොත්තු වෙන්නද..?

:       0       11

De Monday, 16 November 2020 05:31 PM

වනාන්තර කියලා දෙයක් නැහැ පුතා ... ඒ ඔක්කොම හිතේ ඇදුණු විකාර රූප ...

:       0       5

wasantha Monday, 16 November 2020 06:55 PM

ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5 ක් වාර්ෂිකව නය ගෙවන රජයට පාර කපන්න සල්ලි කොයින්ද? මේ මහජන සල්ලි නේද මෙම ව්‍යාපෘතියෙන් ආදායම ලැබෙන්නේ කොහොමද ගස් කපා ආදායම් ගන්න විදියක් නේද මේ හැමදාමත් රාගම වත්තල යටවෙන්නේ පාරවල් දාල බව මතක නැද්ද?

:       0       11

Ranasighe Monday, 16 November 2020 07:23 PM

නිකරුනේ ගස් කැපීම පාපයකි. ඒවයේ ජීවින් ප්‍රකෝටි ගනනක් වාසය කරති. දැන්වත් මේ ක්‍රියාව නතර කරන්න. නැතිනම් ප්‍රතිපල ඇස් පනාපිටම පෙනේවි.

:       0       8

මුණසිංහ Tuesday, 17 November 2020 12:43 AM

අවශ්‍යතා හඳුනාගෙන ප්‍රවේශම්වව වැඩ නොක⁣ලොත් වැඩ වරදින බව මතක තබා ගන්න.

:       0       6

සිසිල් සුදේශ් Tuesday, 17 November 2020 01:32 AM

මේ යක්කුන්ට පිස්සු. රටේම වනාන්තර විනාශ කරල මිසක් නවතින එකක් නෑ.

:       0       11

rocky Tuesday, 17 November 2020 02:24 AM

මුලු රටම එක සැරෙ සමතලා කරලා එකම පාරක් හැදුවා නම් ඉවරයිනේ...

:       1       9

Kamal Koyrala Tuesday, 17 November 2020 05:35 AM

රජයෙන් අගල් කැපීමෙ ඇමැතිවරයෙක් පත්කරලා තියෙන්නේ. මනම්පිටිය, පොළොන්නරුව, වැලි නිධිවලට බුදුසරණයි

:       0       11

Rata Perata Tuesday, 17 November 2020 07:16 AM

අර නන්දසේනට කියන්න. මිනිහා පාරකපන විදිහ කියලා දෙයි. පරිසර විශේෂඥයෙක් නැහැ

:       0       14

දිමුත් Tuesday, 17 November 2020 08:30 AM

බහුතරයේ කැමැත්තනේ ඉතින්. පරිසරය විනාශ වුනත් මොකො?

:       0       10

nisha Tuesday, 17 November 2020 09:46 AM

මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඔනේ මෙ නිලධාරින්ට ... කොහොමත් මෙ දේශපාලන හැතිකරෙ පොලොන්නරුව විනාශ කරලා. පුදුම පරිසර විනාශයක් පොලොන්නරුවෙ වුණේ..

:       0       9

fairoos Tuesday, 17 November 2020 09:47 AM

හොද වෙලාවට කැලෑපාලුවා ඇතුලේ...

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 328 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 471 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site