
(චමිල් රූපසිංහ)
මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයෙන් පලාගිය රැඳවියා අද (18) පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට හැකි වු බව පොලිසිය පවසයි.
සැකකරු මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තු පරිශ්‍රයේ සැඟව සිටියදී පොලීසිය විසින් සොයා ගෙන ඇත.
සැකකරු අද(18) අලුයම 1.00 ට පමණ බන්ධනාගාරයෙන් පලාගිය අතර පොලීසිය ඔහු සෙවීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේද සහය ඇතිව මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණි.
අනතුරුව අද පස්වරුවේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තු පරිශ්‍රයේ සිදුකළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට අත් අඩංගුවට ගැනිමට හැකි වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd