
(නවරත්න සමරතුංග) 
ඵෙතිහාසික දීඝවාපී චෛත්‍ය පිහිටි මහ මළුවේ දකුණු වාහල්කඩ පරිශ්‍රයේ අද (18) කැණීමේදී ඉපැරණි ගල් කරඬුවක් හමුවී ඇති බව අම්පාර පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලය පවසයි.
මෙම ඉපැරණි ගල් කරඬුව කොටස් දෙකකින් යුතුය.
කැණීම් භාර නිලධාරීහු සහ සහකාර අධ්යක්ෂ පී.ජී. ප්‍රියන්ත මහතා මේ බව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක මහතා ඇතුළු අම්පාර මහ දිසාපති ඩී.එම්.එල්. බණ්ඩාර නායක යන මහත්වරුන් දැනුවත් කළහ.ඒ අනුව අම්පාර මූලස්ථාන පොලීසියේ පුරාවිද්‍යා අංශයේ නිලධාරීන්ද දැනුවත් කර ඇත.
එම ස්ථානය පැමිණි දීඝවාපි විහාරාධිපති ශාස්ත්‍රපති මහඔය සෝභිත හිමියන් සහ ග්‍රාම නිලධාරිනිය ඇතුළු පිරිසක් ඉදිරියේ මෙම පුරාවස්තුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ රසායනාගාරය වෙත යැවීම සඳහා මුද්‍රා තබන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක රටක කරඬු හම්බ වුණාම එව්වා ඇරලා බලනවා. තවත් රටක් පැරැණි සුසාන භූමි වල තිබුණු මමී ගොඩඅරන් ඇරලා බලනවා. තවත් යටට හෑරුවොත් තවතවත් දේවල් හම්බවේවි.
මුද්‍රා තැබුවා කියලා ඔය පුරාවස්තු ආරක්ෂා වෙන්නේ නැහැ.