(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමන්ති රණසිංහ)
පැරණි බෝගම්බර බන්ධනාගාරයේ සිර මැදිරිය කඩා, රැඳවියන් 5දෙනෙකු පලායමින් සිටියදී, එක් අයකු මියගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.
මියගොස් ඇත්තේ අවුරුදු 30ක් වයැසති අනුරාධපුරයේ පදිංචි අබ්දුල් රහීම් නමැත්තාය.
පලායාමේදී තාප්පයෙන් බිමට වැටී තුවාල ලැබීමෙන්රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම රැඳවියා මියගොස් ඇතැයි පැවසේ. තාප්පයෙන් වැටීමෙන් බරපතල තුවාල ලැබූ 24 හැවිරිදි තවත් රැඳවියෙක් මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබයි.
පොලිස් නිවාස ප්‍රදේශයට සෙසු සැකකරුවන් පලාගොස් ඇති බවද, ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක බවද පැවසේ.
මත්කුඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෙම රැඳවියන් නිරෝධානට ලක් කර තිබියදී මෙම සිද්ධිය වී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
බෝගම්බර සිරමැදිරිය කඩා 5 ක් පළායති - අයෙක් මරුට