IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


කල්ලාරු රක්ෂිතය එළිකිරීමේ වගකීම රිෂාඩ්ගේ කරපිට

 

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කල්ලාරු අභයභූමියේ අක්කර සිය ගණනක්  එළිපෙහෙළි කිරීමේ සිද්ධිය නීතී විරෝධි යැයි අද (16 ) තීරණය කළ  අභියාචනාධිකරණය එම එළි පෙහෙළිකළ ප්‍රදේශයේ මන්ත්‍රීවරයාගේ පෞද්ගලික වියදමින් යළි වන වගාව සිදු කළ යුතු යැයිද  තීන්දු කළේය.

මෙම වනාන්තර එළි පෙහළිකිරීමට විරුද්ධව  පෙත්සම් ගොනු කළ පරිසර යුක්ති කෙන්ද්‍රයට නඩු ගාස්තු ගෙවන ලෙසද  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට නියෝග කෙරිණි.

උතුරේ අවතැන් වූ ජනතාව නැවත පදිංචිකිරීම් සඳහා නිවාස ඉදිකිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම එළිපෙහෙළි කිරීම් සිදු කළ බවට අනාවරණය වී තිබිණි.
 



අදහස් (11)

කල්ලාරු රක්ෂිතය එළිකිරීමේ වගකීම රිෂාඩ්ගේ කරපිට

makara Monday, 16 November 2020 09:31 AM

ශෝක් නීතිය ශ්‍රී ලංකාවෙ ... අපිටත් බැරිද කැලෑව කපලා පැළ ටිකක් හිටවලා දෙන්න. ආඩම්බරයි සර්...

:       1       5

BamunuarachchiThursday, 19 November 2020 12:44 AM

එතකොට වටිනා ලී ටිකට මොනවද වුණේ බලන්නේ නැද්ද? කැලේ එළිකරලා කලේ මොකක්ද? වෙනම හම්බ ජනපද පිහිටෙව්වාද? එහෙම කළා නම් ඒ කළ දේ සාධාරණද?

:       0       0

සඳුන් Monday, 16 November 2020 10:15 AM

ඒකාලෙ කැලේ කපන එකයි ගස් ඇද ගන්න එකයි තමන්ගේම වියදමින්ම කරගන්න ඇති නේද?

:       0       4

jayalath Monday, 16 November 2020 11:06 AM

හොද ජරාවක් කන්න දීපු තීන්දුවක්... නැතිනම් අවුරුදු 200කට විතර හාරෙට යවන්න තිබුණා..

:       0       4

නිපුන Monday, 16 November 2020 11:47 AM

එතකොට බැසිල්ට දඬුවම් නැද්ද? එක්තරා රූපවාහිනී නාලිකාවක තිබ්බ සජීවී වැඩසටහනකදී මෙයා පැහැදිලිවම කිව්වා බැසිල්ගේ අවසරය මතයි විල්පත්තුව එලිකලේ කියලා. එම සජීවී වැඩසටහනේ විඩියෝ එක තාමත් යූටියුබ් එකේ තියෙනවා හැමෝටම බලන්න පුලුවන්.

:       2       3

janahitha Monday, 16 November 2020 12:02 PM

අයකර ගත යුත්තේ එවකට හිටි පාලන අධිකාරියෙන් ප්‍රාදේශීය ලේකම්, මහ ඇමැති ඇතුළු අවසර දුන් නඩයෙන්...

:       1       2

anwar Monday, 16 November 2020 12:06 PM

බැසිල් මහතාගෙන් අයකරගන්න කියන්නේ නැත්තේ මොකද ඇමැතිතුමා සද්ද බද්ද නැද්ද?

:       1       2

dewa Monday, 16 November 2020 12:51 PM

හැබැයි ඔකට සම්බන්ධ තව අප්පොච්චිලත් ඉන්නවා

:       1       3

සමන් - ඕමානය Monday, 16 November 2020 01:23 PM

වරදට දඬුවම - පැල සිටුවීම. හා! හා!! හා!!!. මම හෝඩිය පන්තියේ ඉන්නකොට මටත් ලැබුනා මේ වගේ දඬුවම්. ඉස්කෝලේ කාලේ මතක් වෙනවා!

:       0       3

siri Monday, 16 November 2020 08:22 PM

බදුර්දීන්ගේ නඩු තීන්දුවට අනුව නැවත ගස් සිටුවන්න කියලා කියන්නෙ කැපුවා කියන විල්පත්තුවෙවත් කල්ලාරුවලවත් නෙවෙයි. "අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සඳහා යොදාගත් වන රක්ෂිත බිමට සමාන ප්‍රදේශයක" (In any area equivalant to Reserve foreset area used for resetllement) කියලයි එහි සඳහන් වෙන්නේ. මේක ඉතින් විල්පත්තුවෙ කරන්නත් පුලුවන්. මාතර කරන්නත් පුලුවන්. හම්බන්තොට කරන්නත් පුලුවන්. එකම දේ, ඒ වෙනුවෙන් වැයවන මුදල දරන්න ඕන බදුර්දීන්. නඩු තීන්දුවට අනුව, රක්ෂිත ප්‍රදේශවල පුද්ගලයින් පදිංචි කරවීම නීතිවිරෝධී වුනාට උසාවිය කියනවා ඒ පදිංචිකරුවො, මෙම නඩුවේ පාර්ශවකරුවන් ලෙස නම් කර නැතිනිසා ඔවුන් එම ස්ථානවලින් ඉවත් කරවන්න නියෝගයක් දෙන්න බෑ කියලා. නමුත් මේගැන " බ්‍රේකින් නිව්ස්" වගේම, අනිත් බොහෝ මාධ්‍ය ආයතනවලිනුත් ප්‍රචාරය කරන දේවල් අනුව දැන් බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නෙ විල්පත්තුවෙ අනීතික විදියට පදිංචි කරවපු අය ඉවත් කරලා, ඒ කපපු කැලෑ ප්‍රදේශය බදුර්දීන්ගෙ පෞද්ගලික මුදල්වලින් නැවත හිටවන්න නියෝගයක් දීලා තියෙනවා කියලයි.

:       0       5

Binkunndaa Wednesday, 18 November 2020 07:10 PM

දවල් හීන විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ ටිල්වින් හමු වෙති
2025 මැයි මස 01 88 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ විශේෂ නියෝජිතයෝ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද හමු වූහ.


රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධරයා කන්කසන්තුරයට මාරු කරයි
2025 මැයි මස 01 630 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලි


හිටපු ජනපතීන්ගේ තව තටු කැපේ
2025 මැයි මස 01 516 0

හිටපු ජනාධිපතිවරුන්ට මෙතෙක් ලබා දී තිබූ දුරකතන හතරෙන් තුනක්ම ඉවත් කර ඇත. මේ අනුව හිටපු ජනාධිපතිවරයකුට දැනට හිමිවන්නේ එක් දුරකථනයක් පමණි.


ඉන්ධන මිල පහළට
2025 අප්‍රේල් මස 30 1578 0

පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.


වැඩි මිලට වතුර වික්කාට ලක්ෂයක් දඩ
2025 අප්‍රේල් මස 30 893 0

පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම


මාර්ග ආරක්ෂාව රකින්න ජාතික සැලැස්මක්
2025 අප්‍රේල් මස 30 512 0

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 274 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 77 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1104 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site