
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කල්ලාරු අභයභූමියේ අක්කර සිය ගණනක් එළිපෙහෙළි කිරීමේ සිද්ධිය නීතී විරෝධි යැයි අද (16 ) තීරණය කළ අභියාචනාධිකරණය එම එළි පෙහෙළිකළ ප්‍රදේශයේ මන්ත්‍රීවරයාගේ පෞද්ගලික වියදමින් යළි වන වගාව සිදු කළ යුතු යැයිද තීන්දු කළේය.
මෙම වනාන්තර එළි පෙහළිකිරීමට විරුද්ධව පෙත්සම් ගොනු කළ පරිසර යුක්ති කෙන්ද්‍රයට නඩු ගාස්තු ගෙවන ලෙසද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට නියෝග කෙරිණි.
උතුරේ අවතැන් වූ ජනතාව නැවත පදිංචිකිරීම් සඳහා නිවාස ඉදිකිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම එළිපෙහෙළි කිරීම් සිදු කළ බවට අනාවරණය වී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශෝක් නීතිය ශ්‍රී ලංකාවෙ ... අපිටත් බැරිද කැලෑව කපලා පැළ ටිකක් හිටවලා දෙන්න. ආඩම්බරයි සර්...
ඒකාලෙ කැලේ කපන එකයි ගස් ඇද ගන්න එකයි තමන්ගේම වියදමින්ම කරගන්න ඇති නේද?
හොද ජරාවක් කන්න දීපු තීන්දුවක්... නැතිනම් අවුරුදු 200කට විතර හාරෙට යවන්න තිබුණා..
එතකොට බැසිල්ට දඬුවම් නැද්ද? එක්තරා රූපවාහිනී නාලිකාවක තිබ්බ සජීවී වැඩසටහනකදී මෙයා පැහැදිලිවම කිව්වා බැසිල්ගේ අවසරය මතයි විල්පත්තුව එලිකලේ කියලා. එම සජීවී වැඩසටහනේ විඩියෝ එක තාමත් යූටියුබ් එකේ තියෙනවා හැමෝටම බලන්න පුලුවන්.
අයකර ගත යුත්තේ එවකට හිටි පාලන අධිකාරියෙන් ප්‍රාදේශීය ලේකම්, මහ ඇමැති ඇතුළු අවසර දුන් නඩයෙන්...
බැසිල් මහතාගෙන් අයකරගන්න කියන්නේ නැත්තේ මොකද ඇමැතිතුමා සද්ද බද්ද නැද්ද?
හැබැයි ඔකට සම්බන්ධ තව අප්පොච්චිලත් ඉන්නවා
වරදට දඬුවම - පැල සිටුවීම. හා! හා!! හා!!!. මම හෝඩිය පන්තියේ ඉන්නකොට මටත් ලැබුනා මේ වගේ දඬුවම්. ඉස්කෝලේ කාලේ මතක් වෙනවා!
බදුර්දීන්ගේ නඩු තීන්දුවට අනුව නැවත ගස් සිටුවන්න කියලා කියන්නෙ කැපුවා කියන විල්පත්තුවෙවත් කල්ලාරුවලවත් නෙවෙයි. "අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සඳහා යොදාගත් වන රක්ෂිත බිමට සමාන ප්‍රදේශයක" (In any area equivalant to Reserve foreset area used for resetllement) කියලයි එහි සඳහන් වෙන්නේ. මේක ඉතින් විල්පත්තුවෙ කරන්නත් පුලුවන්. මාතර කරන්නත් පුලුවන්. හම්බන්තොට කරන්නත් පුලුවන්. එකම දේ, ඒ වෙනුවෙන් වැයවන මුදල දරන්න ඕන බදුර්දීන්. නඩු තීන්දුවට අනුව, රක්ෂිත ප්‍රදේශවල පුද්ගලයින් පදිංචි කරවීම නීතිවිරෝධී වුනාට උසාවිය කියනවා ඒ පදිංචිකරුවො, මෙම නඩුවේ පාර්ශවකරුවන් ලෙස නම් කර නැතිනිසා ඔවුන් එම ස්ථානවලින් ඉවත් කරවන්න නියෝගයක් දෙන්න බෑ කියලා. නමුත් මේගැන " බ්‍රේකින් නිව්ස්" වගේම, අනිත් බොහෝ මාධ්‍ය ආයතනවලිනුත් ප්‍රචාරය කරන දේවල් අනුව දැන් බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නෙ විල්පත්තුවෙ අනීතික විදියට පදිංචි කරවපු අය ඉවත් කරලා, ඒ කපපු කැලෑ ප්‍රදේශය බදුර්දීන්ගෙ පෞද්ගලික මුදල්වලින් නැවත හිටවන්න නියෝගයක් දීලා තියෙනවා කියලයි.
දවල් හීන විතරයි.