78 අම්මාත් - 60 පුතාත් වස බී මියයති
කල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ මුසල්පිටිය ග්‍රාමයේ, මුස්ලිම් ජාතික 78 හැවිරිදි මවක හා ඇගේ 60 හැවිරිදි වැඩිමහල් පුතා අද (21 ) සන්ධ්‍යාවේ වස පානය කොට මිය ගොස් ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි. මිය ගොස් ඇති පුතා මඩ කළපුවේ පදිංචි විවාහකයෙකු වන අතර,ඔහු අද දින (21)උදෑසන සිය මෑණියන් දකින්නට මුසල්පිටිය පැමිණ ඇත.