අද සිට දින තුනක නිවාඩුවක් අද (17) සිට දින තුනක විශේෂ නිවාඩුවක් ලබාදීමට රජය ඊයේ (16) රාත්‍රියේ දී තීරණය කර ඇත. 17 March 2020
කොන්සියුලර් සේවා 20 වැනිදා දක්වා නවතා දමයි නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ගවලට සහාය වීමක් ලෙස කොළඹ විදේශ සබඳතා අමාත්‍යාංශය මගින් සපයන සියලු කොන්සියුලර් සේවා 20 වැනිදා දක්වා නවතා දැමීමට එම අමාත්‍යාංශය තීරණය කර ඇත. 17 March 2020
ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිලධාරියෙකුටත් කොරෝනා වැළඳෙයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවය කරන ගුවන් නියමුවෙකුද කොරෝනා වැළඳී ඇති අතර ඔහු මේ වන විට අංගොඩ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. 16 March 2020
01 වැනිදා සිට මෙරටට පැමිණෙන පිරිසට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක් මේ මස 1 වැනිදා සිට 15 වැනිදා කාලය තුළදී ඉරානය, දකුණු කොරියාව සහ යුරෝපා රටවල සිට මෙරටට පැමිණි සියලුදෙනා ළඟම ඇති පොලිස් ස්ථානයේ හෝ 119 මධ්‍යස්ථානයේ වහාම ලියාපදිංචි විය යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි. 16 March 2020
ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල රැස්වීමක් හෙට මහ මැතිවරවරණයේදී කලුතර, නුවරඑළිය, වන්නිය හා යාපනය දිස්ත්‍රික්ක හතරට තරග කිරීමටත් ඉතිරි දිස්ත්‍රික්ක සඳහා සන්ධානයෙන් තරග කරන්නේද නැද්ද යන්න හෙට (17) දහවල් පැවැත්වෙන දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීන්දු කිරීමටත් අද (16) පැවැති දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීන්දු කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අද (16) ලංකාදීපයට පැවසීය. 16 March 2020
ඉරානයේ තවත් මරණ 129ක් කෝවිඩ් - 19 යනුවෙන් නම්කරනු ලැබ ඇති කොරෝනා වයිරසය හේතුවෙන් ඉරානය තුළ තවත් මරණ 129ක් වාර්තා විය. 16 March 2020
කොරෝනා ගැන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයාට ඇප සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කොරෝනා වයිරසය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාවට හානියක් කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සැකකරු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (16) නියෝග කළාය. 16 March 2020
කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ ගණන 28 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදිත තවත් ශ්‍රී ලාංකික පුද්ගලයින් හය දෙනෙකු පිළිබඳව තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි. 16 March 2020
දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි දෙදෙනෙක් බදුල්ල රෝහලට දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (16) අසාධ්‍ය තත්වයෙන් බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි දියතලාව පොලිසිය පැවසීය. 16 March 2020
විදේශ අමාත්‍යංශ නිලධාරිනිය ඇමති හමුවුණේ ආසාදිතයා මුණගැසීමට පෙරයි පවුලේ සාමාජිකයකුට කොරෝනා ආසාදනය වී ඇති විදේශ සබදතා අමාත්‍යාංශයේ නිලධාරිනිය විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුලූ දූත කණ්ඩායම සමග ජිනීවා නුවරදී කටයුතු කරනු ලැබුවේ එම රෝගය ආසාධිත වූ සිය පවුලේ සාමාජිකයා හමුවීමට පෙර යැයිද විදේශ සබඳතා අමාත්‍යාංශය අවධාරණය කර සිටී. 16 March 2020
අලුත උපන් බිලිඳා ඝාතනය කළ මව අත්අඩංගුවට නිවසෙහි නාන කාමරය තුළදී අලුත උපන් බිලිඳාට පිහියෙන් ඇණ හොරණ මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත්ව සිටි 21 හැවිරිදි අවිවාහක තරුණියක් අද (16) අත්අඩංගුවට ගත්බව බණ්ඩාරගම පොලිසිය කීය. 16 March 2020
දින නියම වූ නඩු විවෘත අධිකරණයේ කැඳවන්නේ නැහැ ඉදිරි තෙදින තුළ දිවයිනේ සියලු අධිකරණවලදී, දින නියමවූ නඩු විවෘත අධිකරණයේ කැඳවීමක් නොකරන බව අධිකරණ සේවා කොමිසම කියයි. 16 March 2020
ශ්‍රී ලාංකික මග පෙන්වන්නාගේ පුත්‍රයා රෝහලෙන් පිටව යයි කොරෝනා රෝගය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශ්‍රී ලාංකික මග පෙන්වන්නාගේ පුත්‍රයා අංගොඩ අයි.ඩී.එච් රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය. 16 March 2020
වියලුවට මහ වැසි පිටමාරුව, මීගහකිවුල, බලගොල්ල තල්දෙන ඇතුළු වියලුව ආසන්න ප්‍රදේශ රැසකට අද (16) සවස ධාරාණිපාත වර්ෂාවක් ඇද වැටුණි. 16 March 2020
ශ්රීලනිපය දිස්ත්‍රික්ක හතරකට වෙනම තරග කරයි මහ මැතිවරණයේදී නුවරඑළිය, වන්නිය, කලුතර හා යාපනය දිස්ත්‍රික්ක හතර සඳහා වෙනම තරග කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අද (16) පැවසීය. 16 March 2020
ග්‍රහලෝකාගාරය වසාදමයි ග්‍රහලෝකාගාරය හෙට(17) සිට තාවකාලිකව වසා තබන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ අධ්‍යක්ෂක කේ. අරුණු ප්‍රභා පෙරේරා මහත්මිය පවසයි. 16 March 2020
11 වැනි කොරෝනා රෝගියාට එරෙහිව විමර්ශනයක් 11 වැනි කොරෝනා රෝගියාට සහ ඔහුගේ බිරිඳට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ගල්කිස්ස පොලිසිය ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත් සී. ඒ. ධර්මතිලක මහතා ඉදිරියේ අද (16) කරුණු වාර්තා කර ඇත. 16 March 2020
අවුරුද්දට ඇඳුම් ගන්න නොයන්නැයි ඉල්ලීමක් මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේදී ඇඳුම් මිලදී ගැනීමේ කටයුතුවලින් හැකිතාක් ඈත්වී සිටින්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 16 March 2020
‘‘පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට දුන් තීන්දුව අවලංගු කරන්න‘‘ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ලබාදුන් නියෝගය අවලංගු කර සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කරගනිමින් කොරෝනා වයිරසය මැඩපැවැත්වීමට ජාතික වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සමගි ජනබලවේගයේ නායක සහ හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 16 March 2020
ට්‍රම්ප්ගේ නිවාඩු නිකේතනයේ විෂබීජ හරණය කෙරේ ෆ්ලොරිඩාවේ පිහිටි, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අයත් මාර්- අ-ලාගෝ නම් නිවාඩු නිකේතනය පිරිසිදු කර විෂබීජ හරණයට පියවර ගෙන ඇතැයි වාර්තා වේ. 16 March 2020
විභාග සහතිකපත්‍ර නිකුත් කිරීම අන්තර්ජාලයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන සහතිකපත්‍ර අන්තර්ජාලය ඔස්සේ පමණක් නිකුත් කිරීමට පියවරගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි. 16 March 2020
උසස්පෙළ-ශිෂ්‍යත්ව අයැදුම්පත් කැඳවීම මාර්තු 31 තෙක් කල් යයි මේ වසරේ දී පැවැත්වීමට නියමිත අ.පො.ස. (උසස් පෙළ) විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම්පත් කැඳවීමේ අවසාන දිනය මාර්තු 31 දින දක්වා දීර්ඝ කර ඇති බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 16 March 2020
කොරෝනා වයිරසය තවත් වසරක් බ්‍රිතාන්‍යයේ කොරෝනා වයිරසය 2021 වසන්ත සෘතුව දක්වා බ්‍රිතාන්‍යයට බලපැවැත්වෙනු ඇතැයිද, මිලියන 7.9ක පිරිසක් රෝහල්ගත කෙරෙනු ඇතැයිද බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ රහස්‍ය තොරතුරු වර්තාවකින් හෙළි වේ. 16 March 2020
සියලුම සංචාරක මඟපෙන්වන්නන් පරීක්ෂා කරන්න කොවිඩ් 19 හෙවත් නව කොරෝනා තත්ත්වය ව්‍යාප්ත වීම වැළැක්වීමේ පියවරක් ලෙස විදේශීය සංචාරකයන් සමඟ වැඩ කළ සියලු සංචාරක මඟ පෙන්වන් පරීක්ෂාවට ලක් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා සංචාරක රියදුරු මාර්ගෝපදේශ සංගමය පවසයි. 16 March 2020
’මහමැතිවරණය ගැන මැතිවරණ කොමසාරිස් තීරණයක් ගත යුතුයි’ රටේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා තීරණයක් ගත යුතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (16) පැවසීය. 16 March 2020
කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ ගණන 22 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදිත තවත් ශ්‍රි ලාංකික පුද්ගලයකු පිළිබඳව අද ( 16) තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා කියයි. 16 March 2020
අනුර කුමාර නාමයෝජනා අත්සන් කරයි 2020 මහමැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්කය සඳහා කණ්ඩායම් නායකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක මහතා තරග කරනු ලැබේ. 16 March 2020
මාර්තු මාසයේ විභාග කල්යයි මාර්තු මාසය තුළදී පැවැත්වීමට සූදානම් කර තිබූ සියලු විභාග දින නියමයක් නැතිව කල් දැමූ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 16 March 2020
චීනයේ විශේෂඥ කණ්ඩායමක් ඉතාලියට කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයෙන් බැට කන ඉතාලියට සහයෝගය දැක්වීම සඳහා චීනයේ විශේෂඥ කණ්ඩායමක් ඉකුත් දා රෝමයට ළඟාවූහ. 16 March 2020
විශේෂ මෙහෙයුම් මැදිරියට ලැබුණු ඇමතුම් වලින් 880 ක් නිරෝධායනයට කොරෝනා වයිරසය වැළඳී ඇත්දැයි සැක සහිත පුද්ගලයින් සම්බන්ධ දැනුම් දීමේ අරමුණි පොලිස් මූලස්ථානය ස්ථාපිත කළ විශේෂ මෙහෙයුම් මැදිරියට ලැබුණු දුරකතන ඇමැතුම් සමඟ මේ වන විට පුද්ගලයින් 880 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර ඇතැයි නීති කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද(16) පැවසීය. 16 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026