
(ඩයනා උදයංගනී)
කොවිඞ් - 19 වසංගත තත්ත්වය හමුවේ අන්තර් පළාත් මගී බස්රථ ධාවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බස් ධාවකයින් අය කරනු ලබන ගාස්තු කිහිපයකින් නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව, 2020 මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ධාවකයින්ගෙන් අවසර පත්‍ර යාවත්කාලීන කිරීමේ ගාස්තු, ප්‍රමාද ගාස්තු, ටෙන්ඩර් ගාස්තු, ලොග් පත්‍ර ගාස්තු, පිවිසුම් පත්‍ර ගාස්තු සහ අධිවේගී මාර් ගයන් හි තාවකාලික අවසර පත්‍ර ගාස්තු අය නොකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
ඔවුන්ට මෙම වසර අවසානය තෙක් මෙම සහනය ලබාදීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd