උපදෙස් නොතකන්නන් නිසා පැරිසියේ දොරටු වහන්න යයි පැරිස් නුවරට පිවිසෙන සහ පිටවයන සියලු දොරටු වසාදමා පැරීසිය හුදකලා නගරයක් බවට පත්කිරීමට ප්‍රංශ රජය සිතමින් පසුවෙයි. ප්‍රංශ ජනතාව සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් නොපිළිපැදීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. 16 March 2020
පොදු ප්‍රවාහන සේවය පිළිබඳ රජයේ අවධානය පොදු ප්‍රවාහන සේවය පවතින තත්ත්වය පිළිබඳව ඉදිරි දින දෙකේදී නීරීක්ෂණය කර ඒ සඳහා සුදුසු වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා කීවේය. 16 March 2020
කොරෝනා ගැන සමාජ මාධ්‍යයෙන් අසත්‍ය පැතිරවූ දෙදෙනෙක් අත්අඩංගුවට කොරෝනා වයිරසය පැතිරයාම සම්බන්ධයෙන් අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිර වූ දෙදෙනෙක් අද (16) අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 16 March 2020
හෙට සිට දින 4 ක් උසාවි වහන්න යෝජනාවක් නව කොරෝනා වසංගත තත්වය සැළකිල්ලට ගෙන දිවයිනේ සියලුම උසාවි හෙට (17) සිට මෙම මස 20 (සිකුරාදා) තෙක් වසා දැමිමට යෝජනා කරන බව ශ්‍රී ලංකා නිතිඥ සංගමය නිවේදනයක් නිකත් කරමින් කියා සිටී. 16 March 2020
හැඳුනුම්පත් එක් දින සේවය නැවත දැනුම්දෙනතුරු අත්හිටුවයි ජාතික හැඳුනුම්පත් එක් දින සේවය හෙට (17) සිට නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිල මහතා අද(16) පැවසීය. 16 March 2020
කේවියට් දැන්වීම් ලියාපදිංචි නීති දැඩි කෙරේ ඉඩම් සම්බන්ධයෙන් සිදුකෙරෙන කේවියට් දැන්වීම් ලියාපදිංචි කිරීමේ නීතිය දැඩි කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 16 March 2020
නිවාඩුව නොතකා ඇඟලුම් ආයතනයක සේවිකාවෝ වැඩට කැඳවති මහියංගනය නගරයට ආසන්නයේ ප්‍රධාන ඇගලුම් ආයතනයක සේවක සේවිකාවන් 350 කට අධික පිරිසක් සේවය සඳහා කැඳවා තිබේ. 16 March 2020
බ්‍රිතාන්‍යයේ මරණ සංඛ්‍යාව එක රැයකින් දෙගුණ වෙයි කෝවිඩ් - 19 යනුවෙන් නම්කරනු ලැබ ඇති කොරෝනා වයිරසය හේතුවෙන් එංගලන්තය තුළ පමණක් ඊයේ රාත්‍රියේ සිදුවූ මරණ සංඛ්‍යාව එක රැයකින් දෙගුණ වී තිබේ. ඉරිදා වන විට 14 ක් වූ එංගලන්තය තුළ සිදුවූ මරණ සංඛ්‍යාව අද වන විට 35 ක් වී තිබේ. 16 March 2020
ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල් ජයන්ත නවරත්න ජාතික අධ්‍යාපන අමාත්‍යංශයේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස, ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පත්කරනු ලැබ සිටී. 16 March 2020
‘නිවාඩු දීර්ඝ කරන්නේ නෑ‘ කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් අද දිනයේදී ලබාදුන් නිවාඩුව ඉදිරියට දීර්ඝ කරන්නේ නැතැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා පැවසීය. 16 March 2020
කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ ගණන 21 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදිත තවත් ශ්‍රි ලාංකික පුද්ගලයින් තිදෙනකු පිළිබඳව අද ( 16) තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා පැවසීය. 16 March 2020
රාජ්‍ය ආයතන වලට එන ජනතාව සීමා කෙරේ කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා විවිධ කටයුතු සඳහා රාජ්‍ය ආයතනවලට පැමිණෙන මහජනතාව හැකි තාක් අඩු කිරීමට අවශ්‍ය පියවර ගත යුතුයයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස් හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුතුව චක්‍රලේඛයක් නිකුත් කර ඇත. අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතාගේ උපදෙස් මත මෙම චක්‍රලේකය නිකුත් කර තිබේ. 16 March 2020
තාක්ෂණ විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු අන්තර්ජාලයෙන් ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයෙහි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර කොවිඩ් 19 වෛරසයේ පැතිරීමේ අවදානම අවම කිරිමේ අරමුණින් අද (16) සිට නැවත දැනුම් දෙනතුරු සියලු අධ්‍යයන කටයුතු අන්තර්ජාලය හරහා සිදුකෙරෙන බවත් විශ්වවිද්‍යාලය වෙත පැමිණීම හැකිතාක් සීමාකරන ලෙසත් එම විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සිසුන්ට දැනුම් දී ඇත. 16 March 2020
ඇල්ල සංචාරක කලාපය සති දෙකක් වහයි ඇල්ල ප්‍රධාන සංචාරක කලාපය තාවකාලිකව සති දෙකකට වසා දැමීමට තීරණය කළ බව ඇල්ල ප්‍රාදේශීය සභාපති බී.එම් යු.බී බස්නායක මහතා පැවසීය. 16 March 2020
‘අත්‍යවශ්‍ය සේවාවකට මිස අක්ෂි රෝහලට එන්න එපා’ සායන සඳහා හෝ හදිසි අනතුරකදී ප්‍රතිකාර ලැබීම වැනි අත්‍යවශ්‍ය සේවාවක් ලබාගැනීමට හැර වෙනත් කිසිදු කටයුත්තක් වෙනුවෙන් ජාතික අක්ෂි රෝහලට නොපැමිණෙන ලෙස එහි බලධාරීන් මහජනතාවට දැනුම් දී තිබේ. 16 March 2020
කොරෝනා යැයි සැක 212 ක් රෝහල් 17 ක කොරෝනා වයිරසය (කොවිඩ්-19) ශරීරගත වී ඇත්දැයි සැක සහිත පුද්ගලයින් 212 දෙනකු මේ වන විට ශ්‍රී ලංකාව පුරා රෝහල් 17 ක් වෛද්‍ය අධීක්ණය යටතේ සිටින බවට සෞඛ්‍ය සහ දේශිය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය කියයි. 16 March 2020
සියලු කෞතුකාගාර වසාදමයි ශ්‍රී ලංකාවේ පවතින කෞතුකාගාර සියල්ල නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසාදැමීමට තීරණය කළ බව බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශය පවසයි. 16 March 2020
රියදුරු බලපත් ආශ්රිත කටයුතු නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි රියදුරු බලපත්‍ර ලබා ගැනීම, අලුත් කිරීම, විභාග කටයුතු ඇතුළු ඒ ආශ්රිත සියලු කටයුතු මාර්තු 31 වැනිදා තෙක් තෙක් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව සීමා කිරීමට ප්‍රවාහන කළමණාකරණ සේවා අමාත්‍යංශය හා මෝටර් රථ දෙපාර්තමේන්තුව අද (16) පියවර ගෙන තිබේ. 16 March 2020
අත්‍යවශ්‍ය ඖෂධවල කිසිදු හිඟයක් නැහැ මේ වනවිට ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ඖෂධවල කිසිදු හිඟයක් නැතැයිද ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැතැයිද ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදයේ සභාපතිනි කස්තුරි චෙල්ලරාජා මහත්මිය ලංකාදීපයට පැවසුවාය. 16 March 2020
‘කොළඹට පිවිසීම-පිටවයාම නවතාදමා ඇතැයි කීම බොරුවක්’ කොළඹ හෝ වෙනත් පළාතකට හෝ ඇතුළු වීම සහ ඉන් පිටවීම වළක්වා, සියලු දොරටු වසාදමා හුදකලා නගරයක් බවට පත්කර ඇති බවට පැතිරයන ප්‍රචාර අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 16 March 2020
ජිනීවා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට විදේශ සබදතා අමාත්‍යාංශයේ නිලධාරිනියකගේ පවුලේ සාමාජිකයකුට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වීමත් සමග නිලධාරිනිය මීට පෙර දෙසතියක් සේවයේ නිරතව සිටි ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ කාර්ය මණ්ඩලයට ද ‘ස්වයං නිරෝධායනය’ සඳහා යොමුවීමට උපදෙස් නිකුත් කර ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශය සදහන් කරයි. 16 March 2020
නිරෝධායනයට නොයන ආසාදිතයන්ට බ්‍රිතාන්‍යයෙන් සිර දඬුවම් නිරෝධායන කාලයක් ගතකිරීමට යොමුවීම ප්‍රතික්ෂේප කරන කොරෝනා වයිරසය ආසාදිතයන්ට සිර දඬුවම් හෝ ස්ටර්ලින් පවුම් 1000ක(රුපියල් 228, 830) දඩ මුදලක් නියම කිරීමට බ්‍රිතාන්‍යය තීරණය කර ඇත. 16 March 2020
මාඳු ගඟේ මෝටර් බෝට්ටු සංචාර සති දෙකක් නවතයි කොරෝනා වයිරසය පැතිරයාම වැළැක්වීමේ පියවරක් ලෙස අද (16 ) සිට සංචාරයකයින් මාදු ගඟේ සංචාරය කිරීම නතර කර දැමූ බව මාදු ගඟ සංචාරක මෝටර් බෝට්ටු හිමියන්ගේ සංගමය කියයි . 16 March 2020
සෑම දිස්ත්‍රික්කයකම කොරෝනා මර්දන කාර්යාල කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවේ තවදුරටත් ව්‍යාප්තවීම වළක්වා ගැනීම සඳහා සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම කොරෝනා මර්දන තොරතුරු වාර්තා මධ්‍යස්ථානයක් ආරම්භ කළ යුතු යයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශය නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 16 March 2020
‘අලිබබා ‘ වෙබ් අඩවියේ නිර්මාතෘ කොරෝනා ආසාදිතයින්ට පිහිට වෙයි චීනයේ ප්‍රකට බිලයනපතියකු වන අන්තර්ජාල භාණ්ඩ අලෙවිකරණ ‘අලිබබා‘ වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජැක් මා විසින් කොවිඩ්-19 වෛරසයෙන් පීඩා විඳින යුරෝපය පුරා බෙදාහැරීම සඳහා ආරක්ෂිත මුහුණු ආවරණ මිලියන දෙකක් පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දී ඇතැයි ගාඩියන් පුවත් සේවයේ වාර්තා කර තිබේ. 16 March 2020
දිල්ලියේ බස් රථ දිනපතා විෂබීජහරණයට උපදෙස් දිල්ලියේ ප්‍රවාහන සේවයට යොදාගනු ලබන කුඩා බස් රථ දිනපතා පිරිසිදු කර විෂබීජහරණය කරන්නැයි ප්‍රවාහන අමාත්‍යංශය උපදෙස් ලබා දී තිබේ. 16 March 2020
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය හෝටල් රෝහල් කරයි නව කොරෝනා වයිරසය ලෝකයට මෙන්ම ලොව ක්‍රීඩා ක්ෂේත්රයටත් දැඩි බලපෑම් එල්ල කරද්දී ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වෛරසය ආසාදිතවූවන් වෙනුවෙන් තැබූ පියවරක් පිළිබඳ බ්‍රිතාන්‍ය ගාඩියන් පුවත්පත අද වාර්තා කළේය. 16 March 2020
හොරෙන් වෙනිවැල් ප්‍රවාහනය කළ පළාත් පාලන අපේක්ෂකයකු අත්අඩංගුවට ආරක්ෂක අංශ කොරෝනා වෛරසය පාලනය කිරීමට අවධානය යොමුකර තිබියදී පොලිසියේ ඇසට අසු නොවන ලෙස සිංහරාජ වනාන්තරය ආසන්නයේ පිහිටි රක්ෂිතයකින් වෙනිවැල් කිලෝ 120 ක් කපා නවීන මොටර් රථයකින් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව තිනියාවල පොලිසිය පවසයි. 16 March 2020
ලොස් ඇන්ජලීස්හි ආපනශාලා-සමාජශාලා වහයි ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර මිනිසුන් විනෝදාස්වාදය සඳහා එක්රැස්වන ස්ථාන බහුතරය වසාදැමීමට කැලිෆෝනියා ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබේ. 16 March 2020
දෙනියායේ රෙදි වෙළඳසැළක ගින්නක් දෙනියාය, වරල්ල ප්‍රදේශයේ අද (16) අලුයම ඇති වූ හදිසි ගින්නකින් රෙදිපිළි වෙළදසැලක් සහ පාවහන් වෙළදසැළක් ගින්නෙන් දැවී ගොස් ඇතැයි කොස්මෝදර පොලිසිය කියයි. 16 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026