IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


අනුරාධපුර රෝහලේ 17 වාට්ටුව වහයි

 

(බී.ජී. චතුරංග)

අනුරාධපුර පූජා නගරයේ සිටි කොවිඩ් 19 රෝගය වැළදුණු  යාචකයෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට නොදැනුවත්ව ඇතුලත් කිරීම හේතුවෙන් රෝහලේ අංක 17 වාට්ටුව අද (8) තාවකාලිකව වසා දැමූ බව එම රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ  වෛද්‍ය දුලාන් සමරවීර  මහතා පැවසීය.

මෙම යාචක රෝගියා හදිසියේ අසනීප තත්වයකින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙන අතර, එහිදි කළ පී.සී.ආර් පරීක්ෂාවේදි ඔහු කොවිඩ් 19 රෝගය ආසාධිත බවට තහවුරුවී තිබුණි.

ඔහු පසුගිය දින 20 ක පමණ කාලයක් අනුරාධපුර පැරණි පූජා නගරයේ සැරිසරා තිබෙනා බවත් පූජා නගරයේ ගැවසුනු පුද්ගලයන් දින 14ක කාලයක් ස්වයං නිරෝධායනය වීම ඉතා යෝග්‍ය බව මහජන සෞඛ්‍ය පරීක්ෂක අංශ පවසයි.

මේ අතර ඊයේ(07) අනුරාධපුර ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 19ට කොවිඩ් සුව වී ස්වයං නිරෝධායනය වූ,  අනුරාධපුර මහමාංකඩවල  පදිංචි පුද්ගලයෙකු හදවත් රෝගී තත්වයක් නිසා ඇතුලත් වී ඇති අතර, ඔහුටත් කොවිඩ් 19 වෛරස තත්වය නැවත පෙන්නුම් කරන බව පී.සී.ආර් පරීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.

පසුව එම රෝගියා මෙත්සිරි සෙවන කොවිඩ්-19 රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත මාරු කළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
 
මේ සම්බන්ධයෙන් සිදු කල විමසීමේදි අනුරාධපුර ශික්ෂණ රෝහලේ  වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර  මහතා පැවසුවේ මෙත්සිරි සෙවන රෝහලේ ඇදන් ප්‍රමාණය වැඩිකර රෝගීන් ඇතුලත් කිරීමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇති බවයි.



අදහස් (0)

අනුරාධපුර රෝහලේ 17 වාට්ටුව වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31628 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14043 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 175 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site