(රංජිත් රාජපක්ෂ)
කොවිඩ් -19 වයිරසය පැතිරයාමේ අවදානමත් සමග හෙට (09) සිට තම පොලිස් කොට්ඨාසය තුලට පැමිණෙන වතුකරයේ පිරිස් ඔවුන්ගේ නිවාස වලම ස්වයං නිරෝධානයට යොමු කරන බව හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත අල්විස් මහතා පැවසීය.
වතුකරයේ විශාල පිරිසක් කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිතරව සිටින බවත්, එම පිරිස මේ මාසයේ (14) දින පැවැත්වෙන දීපාවලි උත්සවයට පැමිණෙන බැවින් ස්වයං නිරෝධානයට යොමු කිරිමට කටයුතු කරන බවත් ඒ මහතා කීය.
ගිනිගත්හේන, දියගල, බගවන්තලාව යන ස්ථාන වල අද (08) දින සිට පොලිස් මාර්ග බාධක යොදවන බවත්, එම ස්ථානවලදි එසේ පැමිණෙන පිරිස් හදුනාගෙන ඔහුන් පදිංචි නිවාස වලම ස්වයං නිරෝධානයට යොමු කිරීමට පියවර ගන්නා බවත් පොලිස් අධිකාරිවරයා කියා සිටියේය.
තවද ප්‍රදේශයේ පදිංචිකරුවන් හැර පිටතින් පැමිණෙන කිසිවෙකුටත් තම පොලිස් බල ප්‍රදේශයට පැමිණිමට අවස්ථාව ලබා නොදෙන බවත්, එසේ පැමිණෙන පිරිස් ආපසු හරවා යැවීමට කටයුතු කරන බවත් ඔහු කීය.
තම කොට්ඨාශ පොලිස් බල ප්‍රදේශයට අයත් හැටන්, බගවන්තලාව, ගිනිගත්හේන, මස්කෙලිය, නෝටන්බ්‍රිජ්, නල්ලතන්නිය, නොර්වුඩ්, වටවල යන පොලිස් ස්ථානාධිපතිවරුන්ටද මේ සම්බන්ධයෙන් නියෝග ලබා දි ඇති බවත්, මාර්ග බාධක මග හැර පැමිණෙන පිරිස් පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් ඔහුන් පදිංචි නිවාස වලම ස්වයං නිරෝධානයට යොමු කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩි දුරටත් කියා සිටියේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හැටන් ගියොත් ස්වයං නිරෝධායනයට