IMG-LOGO

කුරුණෑගල හුදෙකලා කිරීම ඉවත් කරන්නැයි රජයෙන් ඉල්ලයි

 

(පුෂ්පකුමාර ජයරත්න)

කුරුණෑගල මහ නගර සභා බළ ප්‍රදේශයට හෙට (09) සිට ක්‍රියාත්මක හුදෙකලා කිරීම, කොරෝනා අවදානම වැඩියෙන් පවතින ඉලුප්පුගෙදර ග්‍රාම නිලධාරි වසමට පමණක් ක්‍රියාත්මක කර නගරයේ අනෙක් කොටස් සාමාන්‍ය කටයුතු සඳහා ජනතාවට විවෘත කරදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටීමට අද (08) සවස රැස්වූ කුරුණෑගල දිස්ත්‍රික් කොවිඩ් මර්ධන කමිටුව තීරණය කළේය.

කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර , කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ , වයඹ පළාත් ප්‍රධාන ලේකම් පී.බී.එම්.සිරිසේන , කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර්.රත්නායක , කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා මහනාම මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් අද කුරුණෑගලදී රැස්වූ කමිටුව මෙම තීරණය ගනු ලැබූහ.

මෙම ඉල්ලීම සම්බන්ධයෙන් රජයෙන් තීරණයක් ලැබෙන තෙක් හෙට දිනයේ කුරුණෑගල නාගරික බළ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම හුදෙකලා කර වසා දැමීමටද කමිටුව තීරණය කළහ.

මේවනවිට කුරුණෑගල නාගරික බළ ප්‍රදේශයේ කොරෝනා අවදානම පවතින්නේ ඉලුප්පුගෙදර ග්‍රාම නිලධාරි වසමේ පමණක් බැවින් සම්පූර්ණයෙන්ම කුරුණෑගල නගරය වසා දැමීමෙන් ජනතාව දැඩි අසීරුතාවයට පත්විය හැකි බවත් මෙහිදී තීරණය කෙරිණි.

 



අදහස් (5)

කුරුණෑගල හුදෙකලා කිරීම ඉවත් කරන්නැයි රජයෙන් ඉල්ලයි

siri Sunday, 08 November 2020 03:24 PM

"සමහරුන්ගේ මයිල් ගහකටවත් අත තියන්න" කොරෝනාවට තියා දෙවියන් වහන්සේටවත් ඉඩ දෙන්නේ නැති ජාතියේ කට්ටිය ඔය පළාතේ තමයි ඉන්නේ. ඒකයි හුදෙකලා කිරීම ඉවත් කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරනවා ඇත්තේ.

:       0       0

බණ්ඩාර Sunday, 08 November 2020 04:05 PM

මෙතන එක රෝමකූපයක්වත් හොල්ලන්න බැරි කෙනා ඉන්නවා. ඒ නිසා රජය හෙට කුරුණෑගල නිදහස් කරාවි.

:       0       0

karu Sunday, 08 November 2020 04:54 PM

කුරුනෑගල විතරක් මොකද...? රට කාපු ආසනය හින්දද...? තවමත් මේ බයියන්ගේ ජරා ගති නැතිවෙලා නැති හැටි.

:       0       0

Perera Sunday, 08 November 2020 05:17 PM

ඔන්න ඔහේ මුලු රටම ඇරලා දාන්න. හැදෙන කෙනෙකුට හැදිච්චාවේ... මැරෙන කෙනෙක් මැරිච්චාවේ.

:       0       0

දිමුත් Monday, 09 November 2020 09:36 AM

දැන් මේගොල්ලො කොරෝනා ගැන විශේෂඥයොද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 11 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 10 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 660 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site