ශවේන්ද්‍ර සිල්වා ජාතික කොරෝනා පාලන මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි තනතුරට කොරෝනා පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි. 17 March 2020
නිරෝධායනයට සහය වූ යුද හමුදා නිලධාරියෙකුටත් කොරෝනා නිරෝධායන කටයුතුවල නියැලී සිටි යුද හමුදා නිලධාරීයකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි යුද හමුදාව කියයි. 17 March 2020
කටාර් - බහරේන් - කැනඩාවේ සිට ලංකාවට එන්න අවසර නෑ’ කටාර්, බහරේන්, කැනඩා යන රටවල සිට පැමිණෙන ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර නොදෙන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි. 17 March 2020
දුම්රිය ස්ථානවල මුදල් පාර්සල් බාරගැනීම නවතී මුදල් ගනුදෙනුවලින් ඉවත්වීමේ පියවරක් ලෙස දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරිමට හා පාර්සල්වලට අදාළ කටයුතු සිදු නොකිරිමට දුම්රිය ස්ථානාධිපතිවරු අද (17) දහවල් තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජනක ප්‍රනාන්දු මහතා පැවසීය. 17 March 2020
ට්‍රම්ප්ගේ අවඥාසහගත වදන් භාවිතයට චීනයේ විරෝධය ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය ට්විටර් ගිණුමෙහි චීනය අවඥාවට ලක්කරමින් පළ කළ සටහන බීජිංහි පාලකවරුන් හෙළා දකින බව චීන විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි. 17 March 2020
ගුවන් යානා පැමිණිම සති දෙකකට නතර කරයි අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලට ගුවන් යානා පැමිණිම නතර කිරීමට කටයුතු යොදා තිබේ. 17 March 2020
මාතර ආයුර්වේද රෝහලකින් ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න ඖෂධයක් කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය ප්‍රතිශක්තිය වර්ධනය වන ඖෂධයක් නිෂ්පාදනය කර නොමිලේ ලබා දීමට මාතර කොටපොල , වරල්ල දිසානායක රජයේ ආයුවේද රෝහල කටයුතු කරන බව රෝහල් කාර්ය භාර වෛද්‍ය නිලධාරී කේ.එම්.ප්‍රියන්ත මහතා පවසයි. 17 March 2020
දුන්හිද ප්‍රවේශ මාර්ගය දින නියමයක් නැතිව වහයි දුන්හිද දිය ඇල්ල නැරඹීමට ගමන් කරන ප්‍රවේශ මාර්ගය අද(17) සිට දින නියමයක් නොමැතිව වසා තැබු බව ඌව පළාත් පාලන කොමසාරිස් මංගල විජේනායක මහතා පැවසීය. 17 March 2020
කොරෝනා පරීක්ෂාවට පී.සී.ආර් යන්ත්‍රයක් රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයිනගෙන් කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම වැලැක්වීමේ අරමුණින් රෝගීන් හඳුනාගැනීමට, උගුරේ සහ නාසයේ පටල පරීක්ෂා කරන පී.සී.ආර්. යන්ත්‍රයක් ලබාදීමට රත්නපුරේ මැණික් වයාපාරිකයන් පිරිසක් ඉදිරිපත්ව ඇති බව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසීය. 17 March 2020
සැන් ෆ්රැන්සිස්කෝ සති තුනක් වසාදමයි ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි සැන් ෆ්රැන්සිස්කෝ නුවර, සති තුනක කාලයකට වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ. 17 March 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිත තෙවැන්නාත් මිය යයි කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දියාවේ තවත් පුද්ගලයකු මිය ගොස් ඇති අතර, ඒ අනුව මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 3 දක්වා ඉහළ ගොස් ඇත. 17 March 2020
සංචාරක වීසා මත ආ ඉන්දීයානුවන් 5 ක් අල්ලති සංචාරක වීසා මත මෙරටට පැමිණ මුලතිව් නගරයේ හා කුමලමුනෙයි ප්‍රදේශයන් හි සැරිසරමින් සාස්තර හා විවිධ ව්‍යාපාරික කටයුතුවල නිරත ඉන්දීය ජාතිකයින් පස්දෙනකු අද (17) අත්අඩංගුවට ගත් බව මුලතිව් පොලිසිය කියයි. 17 March 2020
මහනුවරට පොහොට්ටුව නාම යෝජනා බාරදෙයි මහ මැතිවරණයට මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (17) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිය නාම යෝජනා බාර දෙනු ලැබීය. 17 March 2020
කටාර්-බහරේන්-කැනඩා ගුවන් ගමන් අත්හිටුවයි කොරෝනා වයිරසය තදින් පැතිර යමින් තිබෙන තවත් රටවල් තුනක ගුවන් මගීන් ශ්‍රී ලංකාවට ඇතුළු කර ගැනීම අද (17) සිට නැවැත්වීමට රජය පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කරයි. 17 March 2020
දිනක වතු වැටුප වැඩිකිරිමේ යෝජනාව කල් යයි තේ දලු නෙළන කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමේ යෝජනාව නව කොරෝනා වයිරසය හමුවේ කල් දැමීමට සිදුවන බව වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 17 March 2020
කොරෝනා යැයි සැක 204 ක් දිවයින පුරා රෝහල් 17 කොරෝනා වයිරසය (කොවිඩ්-19) ශරීරගත වී ඇත්දැයි සැක සහිත පුද්ගලයින් 204 දෙනකු මේ වන විට ශ්‍රී ලංකාව පුරා රෝහල් 17 ක් වෛද්‍ය අධීක්ණය යටතේ සිටින බවට සෞඛ්‍ය සහ දේශිය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය කියයි. 17 March 2020
ඉදිරි දින තුනේ තැපැල් ඡන්ද අයැදුම්පත් අද ලැබුණා යැයි සළකයි පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීමේ දිනය අද (17) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් බවට ප්‍රකාශයට පත්කර තිබුණ ද ඉදිරි දින තුන ඇතුළත ලැබීමට තිබූ අයැදුම්පත් අද දිනයේ ලැබෙන අයැදුම්පත් ලෙස සළකා කටයුතු කරන බව මැතිවරණ කොමිසන් සභාව පවසයි. 17 March 2020
මහින්ද අමරවීරගේ පුත් දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට මගී ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ පුත් පසන් අමරවීර මහතා ඇමෙරිකාවේ සිට අද (17) ශ්‍රී ලංකාවට පැමිණිමෙන් පසු දියතලාව පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට ගොස් ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 17 March 2020
‘නාම යෝජනා දෙන්න දෙන්නෙක් එන්න‘ නාම යෝජනා බාර දීම සඳහා පැමිණෙන පුද්ගලයින් සංඛ්‍යාව දෙදෙනකුට සීමා කරන්නැයි පොලීසිය දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කර තිබේ. 17 March 2020
කොරෝනා මඬින්න ඇමෙරිකාව කෘතිම බුද්ධි සහාය සොයයි කොරෝනා වයිරසය සම්බන්ධයෙන් උද්ගතව පවතින තත්වය මැඬපැවැත්වීම සහ ගැටලුවලට විසඳුම් ලබාගැනීම සඳහා ඇමෙරිකාවේ සහ ලෝකයේ සෙසු රටවල, කෘතිම බුද්ධිය පිළිබඳ පර්යේෂකයන් කැඳවීමට ධවල මන්දිරය පියවර ගෙන තිබේ. 17 March 2020
ටජ්මහල වහයි කොරෝනා වයිරසය ව්‍යාප්තවීම අවමකිරීම සඳහා ඉන්දියාවේ ඓතිහාසික ටජ්මහල් ප්‍රාසාදය වසාදමා ඇතැයි බලධාරීහු පවසති. 17 March 2020
ප්‍රංශ මැතිවරණයේ දෙවැනි වටය කල්දමයි මාර්තු 22 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රංශ මැතිවරණයේ දෙවන වටය පවතින තත්වය හේතුවෙන් කල්දමන බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් මහතා පවසයි. 17 March 2020
‘විදේශයන්හි සිට එන අයට පොලීසියට ඇමතුමක් දී ලියාපදිංචි විය හැකියි’ විදේශයන්හි සිට මාර්තු 1 වැනිදා සහ 15 වැනිදා අතර කාලයේ දී මෙරටට පැමිණි අය ලියාපදිංචි කිරීමේ වැඩසටහන යටතේ ආසනන්ම පොලිස් ස්ථානයට ඇමතුමක් ලබා දී ලියාපදිංචි විය හැකි බව පොලිස් මූලස්ථානය පවසයි. 17 March 2020
ජනපති අද ජාතිය අමතයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(17) රාත්‍රියේ ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. 17 March 2020
ප්‍රංශ ජනතාවට නිවාසවලින් පිටවයාම තහනම් මහජනයාට සිය නිවාසවලින් පිටතට නොපැමිණෙන ලෙස උපදෙස් ලබාදෙමින්, ප්‍රංශයේ සියලු පොදු ස්ථාන වසා දමා හුදකලා නගරයක් බවට පත්කිරීමට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් මහතා පියවර ගෙන තිබේ. 17 March 2020
‘මාසික සේවා ගාස්තු ගෙවීමේදී පාරිභෝගිකයාට සහනයක් දෙන්න‘ මාසික සේවා ගාස්තු ගෙවීමට පාරිභෝගිකයාට ලබා දීඇති කාල සීමාව දීර්ඝ කර සහනයක් සළසා දෙන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලීමක් කර තිබේ. 17 March 2020
රැකියා ස්ථානයේ කොරෝනාවෙන් ආරක්ෂා වෙන්න උපදෙස් මාලාවක් රැකියා ස්ථානයේදී කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වන්නේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් නිකුත් කර තිබේ. 17 March 2020
දුම්රිය 90 ක් දින තුනක් ගමන් නවත්වයි අද ( 17) සිට 19 වැනිදා තෙක් දින තුනක් දුම්රිය 90 ක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 17 March 2020
කොරෝනා මැඩලීමේ එන්නත අත්හදා බැලීමට මිනිසුන් යොදාගනී කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීමට නිපදවන ලද එන්නත අත්හදා බැලීම සඳහා පළමු වරට මිනිසුන්ට ලබාදීම ඇමෙරිකාවෙන් ආරම්භ කර තිබේ. 17 March 2020
ආසාදිත ගුවන් නියමුවා සමග සේවය කළ පිරිසක් ස්වයං නිරෝධායනයට කොරෝනා වයිරසය ආසාදනය වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවයේ කනිෂ්ඨ ගුවන් නියමුවා සමඟ කටයුතු කළ ගුවන් යානා කාර්යය මණ්ඩල තුනකට අයත් සාමාජිකයන් මේ වනවිට තම නිවෙස්වල ස්වයං නීරෝධායන කටයුතුවල නියැලී සිටින බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා කීය. 17 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026