(නිමන්ති රණසිංහ)
බුදු දහමට අපහාස වන අයුරින් අන්තර්ජාලය ඔස්සේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට හෙට (22) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇත.
යූ ටියුබ් අන්තර්ජාල චැනය ඔස්සේ සාකච්ඡාවක් පවත්වා බුදු දහමට අගෞරවයක් වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීමකට අදාළව ලැබුණු පැමිණීල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හෙට (22) පෙරවරු 9.30ට පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණෙන ලෙසට හිටපු මන්ත්‍රී රන්ජන් රමනායක මහතා වෙත එලෙස දැනුම් දී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව වෙත මම පැමිණීල්ල කරනු ලැබ ඇත්තේ ස්වාමින් වහන්සේ නමක විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සිදුවීම නොසලකා සිටියා නම් තමයි වඩාත්ම හොඳ... රංජන් රාමනායක මහත්මා වෙනත් ආගමිකයකු නිසා ඔහුගේ දැනුම ගැන, විමසිය යුතු නැති බවයි මගේ හැඟීම... බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බ්‍රහ්ම දණ්ඩනය පමුණුවන්න කියලයි. පැමිණිල්ල කළ ස්වාමීන් වහන්සේගේ නම ප්‍රසිද්ධ නොකරන්නේ නම් වඩාත් යෝග්‍යයි.... තෙරුවන් සරණයි...!!!
රන්ජන් බුදු දහමට අපහාස කළාද? නොකළාද? යන්න අධිකරණය තීන්දු කරාවි. අපට තියෙන්නේ මේ දේශපාලනයට සම්බන්ධ වී සිටින අය බුද්ධ චීවරය කිළිටි කරන එක ඉවසන්නට නොහැකි කමයි. රන්ජන් වගේ වගකීමක් නැතිව වැඩ කරන කෙනෙකුගෙන් වෙන හානියට වඩා හානියක් සමහර චීවරධාරීන් සිදුකරනවා. ඒවා වළක්වා ගන්නේ නැතිව එක එක්කෙනා පස්සේ යනවා. ඒ වගේම මේ උසාවි ගියෙත් කුමන හෝ දේශපාලනයට උදව්වට මිසක් බුදුදහමට තියෙන ආදරයකට නම් නොවන බවයි අපට නම් පේන්නේ... නියම බුද්ධ පුත්‍රයන් ශාසනයේ වැඩට උසාවි යන්නේ නැහැ. ඒවාට දහමේ නිසි පිළිතුරු තියෙනවා. අද සමහරුන් කරන්නේ දහම පිළිපැදීම නොවෙයි. දහම කර තියාගෙන යාමයි. අපේ බුදු හාමුදුරුවෝ තමන් වහන්සේට නින්දා අපහාස කළ අයට සුද්ධෝදන රජතුමාට කියලා දඬුවම් කළේ නැහැ. අද සමහර දෙනා තම දේශපාලන අරමුණු වලට දහම ගාවාගෙන ලාභ සත්කාර ලබනවා. කොයි පැත්තේ දේශපාලනයකට හෝ බුදු දහම පටලවා නොගත යුතුයි. ඒක මහා පාපයක්...
ඔබට ඕනෑම දෙයක් සමග සෙල්ලම් කළ හැකියි... නමුත් බුදුදහමත් එක්ක නොවේ...
මේ වගේ අය එළියට එවන්න එපා...
මෙච්චර හිරේ ගිහිල්ලත් ඇයි මේ පුද්ගලයාගේ වාචාලකම අඩුවෙන්නේ නැත්තේ? මම කතෝලික. මම අනිත් ආගම් විවේචනය කරන්නේ නෑ.
මහණුන් සැප සම්පත් විඳ රහත් වේ..., පොලීසිය ධර්මය රකියි.
රන්ජන් කිව්ව සිද්ධිය ගැන පරීක්ෂණ කරලා ඒක ඇත්ත නම් කොහොමද අපහාසයක් වෙන්නේ? අපිට අන්තවාදී බුදුදහමක් ඕන නෑ. වැරදි කලානම් මහනායකට හරි දඬුවම් දෙන්න ඕනෑ. අනිත් එක දේශපාලන ලොකු ලොක්කෝ කීදෙනෙක් බොරුවට සංඝයා වහන්සේලාට අපහාස කරලා තියෙනවද? අපේ රටේ නිර්මල බුදුදහම තව බොහෝ කාලයක් පවතීවා...!!