(නිමන්ති රණසිංහ)
මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් පාරේ නිවසක් අසල මුදල් බෙදා දීමේ සිද්ධියකදී තෙරපීමෙන් මිය ගිය කාන්තාවන් තිදෙනාගේ මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත අද (21) නියෝග කළාය.
මෙම මෘත දේහයන් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත භාරදීමෙන් අනතුරුව ඔවුන්ගේ ඥාතීන් වෙත ඒවා භාරදීමට ද මෙහිදී මහෙස්ත්‍රාත්වරිය මාලිගාවත්ත පොලීසිය වෙත ද නියෝගයක් කළාය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය සදහා අද (21) මහේස්ත්‍රාත්වරිය මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් මාවත ප්‍රදේශය වෙත සහ මෘත ශරීර තැන්පත් කර තිබූ මෝචරිය වෙත ගොස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කළාය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීම සදහා මාලිගාවත්ත පොලීසිය සහ පොලිස් සොකෝ නිලධාරීන් ද සහභාගී වී සිිටියහ.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර මරණයටන්ට අදාළ පශ්චාත් මරණ පරීක්ණය සිදුකිරීම සදහා මාලිගාවත්ත පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය අද (21) පස්වරු 3.00 ට පමණ මාලිගාවත්ත ප්‍රදේශයෙ එම ස්ථානය වෙත ගියාය.
මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ, ලක්සිත සෙවණ මාලිගාවත්ත කොළඹ 10 පදිංචිව සිටි උමා අකිලා (62), ජුම්මා මස්ජිඞ් පෙදෙස, මාලිගාවත්ත පදිංචිව සිටි මොහොමඞ් ෆවුසියා නීසා (59) සහ ලක්සිත සෙවණ මාලිගාවත්ත පදිංචිව සිටි මොහොමඞ් ෆරීනා මුසම්මිල් (68) නැමැති කාන්තාවන් බවද මාලිගාවත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd