( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
08 වැනි පාර්ලිමේන්තු ව විසුරුවා හැරීමෙන් පසු මාස තුනක් ඉක්ම යන තෙක් නව පාර්ලිමේන්තුවක් නොකැදවීමෙන් තමන්ගේත් , රටේ ජනතාවගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (21) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය.
ජනාධිපති වරයා වෙනුවෙන් නීතිපතිවරයා සහ නීතිපති වරයා මෙහි වගඋත්තර කරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
පැවති පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මාර්තු මස 02වැනිදා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සිය පෙත්සම් මගින් අධිකරණයෙන් ඉල්ලා ඇත.
විදානපතිරණ ඇසෝසියේට්ස් නීතීඥ සමාගම මාර්ගයෙන් ගොනු කර ඇති මෙම පෙත්සම මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ 08වන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු 09වන පාර්ලිමේන්තුව තෝරා ගැනීමට මැතිවරණය ජූනි මස 20 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කල බවය .
එම මැතිවරණ දිනය පාර්ලිමේන්තු ව විසුරුවා හැරි දිනයේ සිට මාස තුනකට පසු දිනය ක් වන අතර මැතිවරණ කොමිසමේ එම තීරණය නීතිවිරෝධී බව පෙත්සම්කරු කියයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු ව විසුරුවා හැරීමෙන් පසු මාස තුනක් ඉක්ම යාමට පෙර නව පාර්ලිමේන්තු ව කැඳවනු ලැබිය යුතු නමුත් එසේ නොකර සිටීම සහ පැරණි පාර්ලිමේන්තු ව හෝ නොකැදවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව පෙත්සම් කරු කියයි .
පවතින තත්ත්වය තුළ 08 වන පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කළ යුතු බවද පෙත්සම්කාර එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සිය පෙත්සමින් පෙන්වා දේ.
එබැවින් මෙම ක්‍රියාවලිය තුලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව ට තීරණය කරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත.
එසේම 08 වන පාර්ලිමේන්තුව ජූනි මස 03 වැනිදා සිට බල පවත්වන බවට ප්‍රකාශයක් කරන ලෙස ද පෙත්සම මගින් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම්, ඔය බඩකඩිත්තුව රැස් කරේ නෑ කියලා උල්ලංඝනය වෙන්නේ නෑ. අහක ඉන්න රටේ මිනිස්සු තමුන්නැහැලාගේ ආත්මාර්ථකාමී වැඩවලට ගාවා නොගත්තා නං හොඳයි..
පාර්ලිමේන්තුව මඟින් සිදුකරන ලද ජනතා විරෝධී සහ ඉතා නොසැලකිලිමත් කටයුතු හේතුවෙන් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් බොහොමයක් උල්ලංගනය වූ බව ඔවුන්ට අමතක වී ඇත. ආරම්භයේ දී තරමක් දුරට හෝ ඵලදායි කටයුතු (උදාඃ කොමිසන් සභා පිහිටුවීම) කීපයක් සිදු කළද, පසුව එනම් දැනදැනම පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සිදුකිරීමට හැකිවන පරිදි රටේ ආරක්ෂාව නැති කිරීම, මහ බැංකු වංචාවට එම ආණ්ඩුවේ ඉහළම තනතුරුවල කීපදෙනෙක් සම්බන්ධව පැවතීම, ගෙන ආ අවිධිමත් හා අඩුපාඩු රාශියක් සහිත 19වැනි සංශෝධනය මඟින් ගැටළු නිර්මානය කිරීම, ආදිය එයින් කීපයක් වේ. මේ නිසා 8 වැනි පාර්ලිමේන්තුව නැවත කැඳවීමට වඩා, මෑතක දී පාකිස්ථානයේ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ ආකාරය ද ඉක්මවා ගොස්, දැනට කරගෙන යනු ලබන නිරෝධායන ආදී කටයුතු වළක්වා ඇමරිකාව වැනි රටවල මෙන් ජනතාව වසංගතයට බීලිදීමට කටයුතු කිරීම සුදුසුයි. එසේ නැතිනම් දැනට රටතුළ කරගෙන යනු ලබන ක්‍රියාවලියට අකුල් හෙලීමෙන් තොරව සිටීමට විපක්ෂ කණ්ඩායම්වලට අවබෝධය පහළ විය යුතුයි...
කොරෝනා ඔබ රටට කළ හානිය විශාලයි. මේ මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් රැකදෙන්න. කොරෝනා නිසා මිනිසුන් මිය ගියත් ප්‍රශ්නයක් නැත.
මාර්තු මාසෙ දෙවැනිදා විසුරුවා හැරි පාර්ලිමේන්තුවේ නිල කාලය අගෝස්තු අවසාන වනතුරු පැවතීමට තිබුණා. මෙයට පෙර අදහස් දැක්වූ ධනා සහ රත්නේ දෙදෙනාම දැක්වූ අදහස් අනුව ඔවුන් ඒකාධිපතිත්වයට කැමැති බවක් පේනවා. මතක තියාගන්න නියමිත මැතිවරණයෙන් තුනෙන් දෙකේ බලයක් ලැබුණොත් එවැනි තත්වයක් ඇතිවෙන්න පුළුවන් බව...
ඈ... ප්‍රාදේශීය සභා ඡන්දය අවුරුදු ගාණක් කල් ඇද්දා, පළාත් සභා මැතිවරණය තාම තියාගන්න බෑ.. එතකොට ඔය කියන එක කඩ වුනේ නැතිද?
එදා කිසිම ස්වභාවික ප්‍රශ්න නොතිබියදී කෘත්‍රිම හේතු හදාගෙන පළාත් සභා මැතිවරණ, පළාත් පාලන මැතිවරණ දින නියමයක් නැතුව කල් දැම්මා. එතකොට ඔය තමුන්ටත් ජනතාවටත් හිමියි කියන මානව අයිතිවාසිකම් කඩ වුණේ නැද්ද? ඒ් තීන්දු ගත්තු පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවන්නෙ කාගේ වුවමනාවකටද?