මියන්මාර - ඉන්දියානු දේශසීමාව අසල භූ කම්පනයක් මියන්මාර - ඉන්දියානු දේශසීමාව අසල අද (22) රික්ටර් මාපකයේ 5.6ක අගයක් ගත් භූමිකම්පාවක් හටගත් බව යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය. 22 August 2025
ගල් අගුරු ටෙන්ඩරය පුබුදු ජයගොඩට සැකයිලු ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුව සාමාන්යෙන් ගල් අඟුරු ටෙන්ඩරයක් කැඳවීමේදී ඒ ටෙන්ඩරයට ඉල්ලුම් කිරීම සඳහා සති හයක කාලයක් ලබාදිය යුතු වුවත් අක්‍රමිකතාවක් සිදුව ඇති බවට මේ දිනවල සමාජයේ විශාල කතා බහක් නිර්මාණය වී ඇති ටෙන්ඩරයට ලබාදී ඇත්තේ සති තුනක කාලයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද (22) ප්‍රකාශ කළේය. 22 August 2025
ඩිජිටල් හැදුනුම්පතට එරෙහිව විමල්ගෙන් පෙත්සමක් ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ඩිජිටල් හැදුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇතිකරගෙන ඇති අවබෝධතා ගිවිසුම බල රහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. 22 August 2025
ආණ්ඩුව ’’අයනු ආයනු’’ ඉගෙන ගන්නේ දැන් අවුරුද්දක් ගිය පසුවත් තාමත් නව රජයෙක් කියලා හඳුන්වා ගන්නවා නම් ඔබතුමාලා බලයට ආවේ ප්ලෑන් එකක් නැතුවදැයි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් මහතා:-(ඉ.ත.අ.ක) පාර්ලිමේන්තුවේදී විමසීය. 22 August 2025
කටුනායක කාගෝවලට විශේෂ ආරක්ෂාවක් තැපැල් වර්ජනය හේතුවෙන් කටුනායක ගුවන්තොටුපලේ රැඳී ඇති කාගෝ සඳහා විශේෂ ආරක්ෂාවක් ලබාදීමට වැඩ පිළිවෙලක් සකසා ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි. 22 August 2025
යුද්ධයට බිය වී සිටි ඇතැම් මන්ත්‍රීන් දැන් සාමයට බය වෙලා මුලින් යුද්ධයට බය වී සිටි ඇතැම් මන්ත්‍රීවරුන් දැන් සාමයට බයවී සිටින බව ප්‍රවාහන මහා මාර්ග වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 August 2025
හිටපු ජනපති රනිල් අධිකරණයට රැගෙන එයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේ. 22 August 2025
වනගහනය වැඩි කරන්න ’’වනස්පති’’ එයි මෙරට වනගහනය වැඩි කිරීම සඳහා වනාන්තර රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරමින් වනස්පති නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙන බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 August 2025
තරාතිරම නොබලා කාටත් නීතිය ක්‍රියාත්මක කරනවා මන්ත්රීවරයෙක්ද ඇමතිවරයෙක්ද හිටපු ජනාධිපතිවරයාද කියා තරාතිරමක් නොබලා සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක වෙමින් තිබෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 22 August 2025
රනිල් අත්අඩංගුවට ගනියි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ. 22 August 2025
සෞඛ්‍ය සේවයේ වියදම් අඩු කරන හැටි සුව ලේකම් කියයි මෙරට සෞඛ්‍ය පද්ධතිය සඳහා ඇතැම් ඉහළ වටිනාකමකින් යුත් උපකරණ මිල දී ගැනීම අඩු කර කූලී පදනම මත ලබාගනිමින් සෞඛ්‍ය සේවා පවත්වා ගෙන යාමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ලබන වසරේ සිට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය. 22 August 2025
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසියි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ කෙටුම්පත ලබන මස ගැසට් කිරීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 August 2025
සමුද්‍රීය පරිසර ආරක්ෂණ සභාවේ සභාපති සෙව්වන්දි ජයකොඩි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන සමුද්‍රීය පරිසර ආරක්ෂණ සභාවේ සහාපති ලෙස මහචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය පත් කර තිබේ. 22 August 2025
අපරාධ නවත්තන්න නව නීතියක් එයි සංවිධානාත්මක අපරාධ නතර කිරීම සඳහා ශක්තිමත් නව පනතක් ඉදිරිපත් කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 August 2025
හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් ජල විදුලි බිලට පොලු තියලා මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ලක්ෂ නවයකට ආසන්න හිඟ විදුලි ජල සහ දුරකථන බිල්පත් ප්‍රමාණයක් අයකරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 22 August 2025
නෝර්වුඩ් හිටපු සභාපතිගෙන් වත්මන් සභාපතිට තර්ජනයක් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු තම කාර්යාලයට පැමිණ තර්ජනය කළ බව නෝර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා මහතා පොලිසියට පැමිණිල්ලක් කර ඇත. 22 August 2025
ජාතික විගණන පනතට ආංශික අධීක්ෂණ සභාවේ අනුමැතිය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිවිය. 22 August 2025
රනිල් සී.අයි.ඩී යට එයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පෙරවරුවේ 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. 22 August 2025
සූරියවැව වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් මරුට සූරියවැව වැවේගම ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් පිරිසක් අත් අඩංගුවට ගැනීමට තැත්කල සැකකරුවන් දෙදෙනකු අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් එක් සැකකරුවකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සූරියවැව පොලිසිය කියයි . 22 August 2025
අද කාලගුණය උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 August 2025
දෙමටගොඩ රුවන්ගේ කෝටි 10ක දේපොළ සී.අයි.ඩීයට සංවිධානාත්මක හා අපරාධ කල්ලි සාමාජිකයකු වන දෙමටගොඩ රුවන් නැමැත්තාට අයත් රුපියල් කෝටි 10 කට ආසන්න වටිනාකමකින් යුත් පස් මහල් ගොඩනැගිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගනු ලැබීය. 22 August 2025
බණඩාරගම වෙඩි තැබීමකින් අයෙක් මරුට බණ්ඩාරගම බොල්ගොඩ පාලම අසලදී සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයකින් යමන් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි බණඩාරගම පොලිසිය කියයි. 21 August 2025
විදේශිකයාගෙන් අල්ලස් ගත් පොලිසියේ දෙකක් රිමාන්ඩ් සිංගප්පූරු ජාතිකයකු සතුව තිබූ විද්‍යුත් දුම්වැටි දෙකක් හා රුපියල් 30,000/= ක මුදලක් බලෙන් ලබාගත් බව කියන බම්බලපිටිය පොලිසියේ පොලිස් නිලධාරීන් දෙදෙනකු ලබන 25 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා අද (21) නියෝග කළේය. 21 August 2025
තැපැල් වෘත්තිය සමිති නොනැමෙන හැඩයි වර්ජනය අත්හිටුවා සාකච්ඡා කිරීමට තැපැල් වෘත්තීය සමිති සූදානම් නොමැති බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය. 21 August 2025
රාජිතගේ ගෙදර දැන්වීම් අලවයි වරෙන්තු කර සිටින හිටපු අමාත්‍ය නම්බුකාර හැළඹගේ රාජිත හරිස්චන්ද්‍ර සේනාරත්න යන අය තවමත් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අධිකරණයෙහි පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙහි නිළධාරීන් ඒ මහතාට අයත් මාලඹේ තලාහේන මුත්තෙට්ටුගොඩ පාර පිහිටි නිවසේ අද (21) දින දැන්වීම් ඇලවීමට කටයුතු කළේය. 21 August 2025
ඉදිකිරීම් ක්ෂේත්රයට රාජ්‍ය ප්‍රතිපත්තියක් ඉදිකිරීම් ක්ෂේත්රයේ සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කරන බව නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 21 August 2025
විදුලි කාර් චාර්ජ් කරන තැන් රට පුරා හදන්න ලංකාව පුරා විද්‍යුත් මෝටර් රථ සඳහා චාර්ජ් කරන ස්ථාන පිහිටුවීම ඉතා වැදගත් බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 August 2025
අධිකරණයට එන්නැයි රාජිතගේ නිවසේ දැවීමක් අලවයි අධිකරණය මගින් නොතිසි නිකුත් කර ඇති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විටත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් ඔහුගේ මාලබේ නිවස ඉදිරිපිට බිත්තියේ අද (21) දැන්වීම් අලවනු ලැබීය. 21 August 2025
රේගුවේ බදු එකතු කිරීම බිලියන 1316 පැනලා වන විට රේගුවේ සමස්ත බදු එකතු කිරීම රුපියල් බිලියන 1316 ඉක්මවා තිබෙන බවකම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 August 2025
මහවැලි ඉංජිනේරුවා මුව මස් අදිද්දී මාට්ටු ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත්, මහවැලි බි කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලයට අනුයුක්ත ජිප් රථයකින් මුව මස් කිලෝ පහළොවක් මාදුරුඔය සිට අරලගංවිල දෙසට ප්‍රවාහනය කරමින් සිටි ශ්‍රී ලංකා මහවැලි අධිකාරීයේ ඉංජිනේරුවරයකු සහ රියදුරන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි. 21 August 2025
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026