රත්මලාන - යාපනය අතර අලුත් ගුවන් සේවාවක්
කොළඹ, රත්මලාන ගුවන් තොටුපොළ සහ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අතර ඍජු අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවක් ක්‍රියාත්මක කිරීම සදහා ඩේවිඩ් පීරිස් ගුවන් සේවා සමාගම වෙත ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින්, දේශීය වානිජ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සදහා වූ, ගුවන් යානා මෙහෙයුම් බලපත්‍රය ( Air Craft Operation Certificate) අද (16) දින පිරිනමා තිබේ .