
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තලංගම අකුරේගොඩ දී නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුවන්ට අවි දෙක සැපයූ පුද්ගලයන් තිදෙනාගෙන් එකම පවුලේ සහෝදරයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාශය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් එම සැකකරුවන් සංවිධානාත්මක අපරාධකරුවකු වන විදේශගතව සැඟව සිටින මෝදර නිපුණ නමැත්තාගේ මස්සිනා වන විදේශ ගතව සිටිනා මහා පරිමාණ මත්ද්‍රවය ජාවාරම්කරුවකු වන උග්ගල්ල ආරච්චිගේ තරිඳු මදුසංඛ නොහොත් ටුටු නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන සමීපතමයන් බව පොලිසිය සඳහන් කරයි.
එම සැකකරුවන් දෙදෙනා සමග ගිනි අවිය ප්‍රවාහනය සඳහා යොදාගත් කුලී මෝටර් රථයද පොලිස් භාරයට ගෙන ඇත.
ඉකුත්13 වෙනිදින බුද්ධික මල්ලව ආරච්චි නීතිඥ මහතා සහ ඔහුගේ බිරිඳ වන ඩඩ්ලිව. ඒ. නිසංසලා මහත්මිය කර වෙඩි තබා ඝාතනය කර තිබිණි.
එම මෝටර් රථය බද්දේගම අගලිය මුල්කඩ පාලම ආසන්නයේ කුට්ටියාවත්ත අතුරු මාර්ගයේ ගිනි ගනිමින් තිබියදී ඉකුත් (14) රාත්‍රී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සොයා ගනු ලැබිය.
ගිනිගත් මෝටර් රථයේ චැසි අංකය අනුව සිදුකළ විමර්ශනවලදී මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ එකක් නොවන බවට අනාවරණය වී යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
අදාල ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය මගින් පවත්වමින් සිටියදී ගිනි අවිය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් සම්බන්ධයෙන් අනාවරණය වූ වැදගත් තොරතුරක් අනුව අත්අඩංගුවට ගත් සොහොයුරන් දෙදෙනාගෙන් වැඩිමල් සහෝදරයා අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහුගේ බාල සොයුරා කොට්ටාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මෝදර නිපුණ නමැත්තාගේ මස්සිනා වන උග්ගල්ල ආරච්චිගේ තරිඳු මදුසංඛ නොහොත් ටුටු නැමැත්තා whatsapp තාක්ෂණය ඔස්සේ ලබාදුන් උපදෙස් මත කොට්ටාව ප්‍රදේශයෙන් මෝටර් රථය කුලී පදනම මත ලබාගෙන අනතුරුව මුල්ලේරියාවට ගොස් ගිනි අවි දෙක ලබාගෙන අකුරේගොඩ පොතුවාරාව සුපිරි වෙළඳසල ආසන්නයේ නවතා තිබූ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය වෙතට ලබා දුන් බවට ප්‍රශ්න කිරීමේ අනාවරණය කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෝටර් රථයේ සිටි පුද්ගලයන් තමන් නොහඳුනන බවද වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
ගිනි අවි දෙක රැගෙන වෙඩික්කරුවන් වෙත ලබාදීම සඳහා තවත් පුද්ගලයකු ගිය බවට සැකකරුවන් ගෙන් වැඩිදුරටත් අනාවරණ වූ තොරතුරුව එම පුද්ගලයද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd