’’මට ජනතාවගේ ආදරය මිස අන් කිසිවක් අවශ්‍ය නැත’’ ’’මහින්ද රාජපක්ෂට ජනතාවගේ ආදරය මිස අන් කිසිවක් අවශ්‍ය නැතැයි’’ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් පවසයි. 20 August 2025
එක දරුවෙක්වත් පාසල් අධ්‍යාපනයෙන් පිට මං නොකිරීමට වග බලා ගන්න කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 20 August 2025
ලංකාවට අයිති නැති ගම් 4ක් මොනරාගල මොනරාගල දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් හතරක් මේ වනතෙක් කිසිම අධිකරණ කලාපයකට ගැසට් වී නැතැයි මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී ධර්මසිරි විජේසිංහ මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද (20) අනාවරණය කළේය. 20 August 2025
ඔලිම්පික් දරුවන්ට ලක්ෂයක දීමනාවක් විශේෂ දක්ෂතා ඇති දරුවන්ට ඔලිම්පික් සිහිනය සැබෑ කර ගැනීමේ අරමුණින් ලක්ෂයක දීමනාවක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පාර්ලිමේන්තුවේදී අද(20) පැවසීය 20 August 2025
මාදුපිටිය මනුෂ්‍ය ඝාතන නඩුවේ චූදිතයා පෝරකයට පානදුර මාදුපිටිය ප්‍රදේශයේ පදිංචි දී 19 හැවිරිදි තරුණයෙකුට කඩුවකින් පහරදී ඝාතනය කිරීම සහ 24 හැවිරිදි වැඩිමහල් සොහොයුරා ගේ මුඛ ප්‍රදේශයට කඩුවකින් පහරදී මාරාන්තික තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් මාදුපිටිය මනුෂ්‍ය ඝාතන නඩුවේ දෙවන ව්ත්තිකරු වරදකරු කළ පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා විසින් අද (20) චූදිතට මරණ දඩුවම නියම කලේය. 20 August 2025
ගනේමුල්ලෙන් අවි සමග හයක් දැලේ ගම්පහ ගනේමුල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත කොස්හින්න, පරකන්දෙනිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය, ගිනි අවි හා උණ්ඩ සමග පුද්ගලයන් 6 දෙනකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය කියයි. 20 August 2025
රුපියල් 70 වතුර බෝතලය 200 වික්කාට ලක්ෂ පහක් දඩ රුපියල් 70ක පානීය ජල බෝතලයක් රුපියල් 200කට අලෙවි කළ පෝට් සිටි වෙරළ තීරයේ වෙළෙඳසල් හිමිකරුවකුට රුපියල් ලක්ෂ 5ක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අද නියම කළාය. 20 August 2025
පලස්තීනුවන්ට නිදහස ඉල්ලා පා ගමනක් ‘‘යුක්තියෙන් තොර සාමයක් නොමැත‘‘ පලස්තීනුවනට ජීවත් විමට ඉඩදෙන ලෙස ඉල්ලා යූත් ෆෝ චේන්ජ් සංවිධානය කළ විරෝධතා පා ගමනක් කොළඹ තරුඟ තරඟ පිටියන් අසලින් අද ආරම්භ කළේය. ඔහුන් පා ගමන්නින් කොළඹ එක්සත් ජාතින්ගේ කාර්යාලය පැමින විවිධ වාදන භාණ්ඩ වාදනය කරමින් විරෝධය දැක්විණි. 20 August 2025
සූර්ය පැනල් සවිකරන්න ඉන්දියාවට දුන් ඉඩමේ බොරළු ජාවාරමක් සූර්යය පැනල සවිකිරීම සඳහා ඉන්දියානු සමාගමකට ලබාදී ඇති ත්‍රිකුණාමලය මුත්තු නගර් ඉඩම්වල සිදුකළ අනවසර බොරළු කැපීමක් වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා මහතාගේ මැදිහත්වීමෙන් අද නතර කරනු ලැබීය. 20 August 2025
සංස්ථා ලුණු මිල පහළට අයඩින් මිශ්‍ර ලක් ලුණු ග්‍රෑම් 400ක පැකට්ටුවක් රුපියල් 20කින් සහ කිලෝ ග්රෑමයේ කැටලුණු පැකට්ටුවක් රුපියල් තිහකින් පහළ හෙලීමට කටයුතු කර ඇති බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩී නන්දන තිලක මහතා සඳහන් කළේය. 20 August 2025
එකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය උද්ඝෝෂණයක ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් එකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී අද (20) උද්ඝෝෂණයක නිරත විය. 20 August 2025
නව ත්‍රස්ත පනත නුදුරේදීම කෙටුම්පත් වෙයි නව ත්‍රස්ත විරෝධී පනත නුදුරේදීම කෙටුම්පත් කර අවසන් කිරීමට හැකි බව කමිටුවේ සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න මහතා පැවසීය. 20 August 2025
අයවැය ලේඛනය නොවැම්බර් 7 මැතිසබයට ලබන වර්ෂය සඳහා (2026) අයවැය ලේඛනය ජනාධිපති මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා විසින් ලබන නොවැම්බර් මස 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය. 20 August 2025
හිටපු ජනාධිපති හිමිකම් ඉල්ලා පෙත්සම් තුනක් හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත අවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ ඡන්දයෙන් සහ ජනමත් විචාරණයකින් සම්මත විය යුතු බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ු ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් තුනක් අද (20) ගොනු කළහ. 20 August 2025
වසර 113 ක් පැරණි ස්වීඩන දේවස්ථානය වෙනත් තැනකට ස්වීඩනයේ වසර 113ක් පැරණි ඓතිහාසික ‘කිරුනා කිර්කා’ නමැති ලී දේවස්ථානය ගලවා වෙනත් නවතැනකට රැගෙන යෑමට බලධාරීහු කටයුතු කළහ. 20 August 2025
දේශබන්දු අත්අඩංගුවට 2022 වසරේ පැවැති ‘ගෝඨා ගෝ ගම’ ජනතා අරගලයට පහර දීමේ සිද්ධියට අදාළව කරන විමර්ශනවලට අදාලව සේවයෙන් පහකළ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි 20 August 2025
පාසල් ක්‍රීඩාව හදන්න උපරිමයෙන් අත දෙනවා පාසල් ක්‍රීඩා ක්ෂේත්රයේ පවතින ගැටලු මේ වන විට හඳුනාගෙන තිබෙන බව ක්‍රීඩා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය. 20 August 2025
දේශබන්දුගේ ඇප අයැදුම විසි වේ 2022 වසරේ පැවැති ‘ගෝඨා ගෝ ගම’ ජනතා අරගලයට පහර දීමේ සිද්ධියට අදාළව කරන විමර්ශනයේදී තමන් අත්අඩංගුවට ගැනීමේ අවධානමක් ඇතැයි කියමින් එය වලකාලන්නැයි ඉල්ලමින් සේවයෙන් පහකළ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රය කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද ප්‍රතික්ෂේප කළාය. 20 August 2025
රාජිතට උසාවි එන්නැයි දන්වයි පසුගිය ජුනි මාසයේ සිට අධිකරණය මගහැර සැඟව සිටිනවා යැයි කියන හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න මහතාට අගෝස්තු 29 වැනි දින අධිකරණයේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (20)නියෝග කළාය. 20 August 2025
සුව ඇමති -බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොසාරිස් ඇන්ඩෲ පැට්රික් (Andrew Patrik) මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 20 August 2025
සමන් දේවාලයේ නව බස්නායක නිලමේ හිෂාන් සංඛ සබරගමු මහ සමන් දේවාලයේ නව බස්නායක නිළමේවරයා ලෙස හිෂාන් සංඛ මාපිටිගම මහතා අද පැවති නිලවරණයේදී වැඩි ඡන්දයෙන් තේරීපත්විය. 20 August 2025
අක්කර පහට වැඩි වතු හිමියන්ටත් පොල් පෝර සහනාධාරය මෙතෙක් පොල් පොහොර සහනාධාරය දුන්නේ අක්කර පහකට අඩු වතු හිමියන්ට පමණක් වුවත් අක්කර පහකට වැඩි පොල් ඉඩම් හිමියන් සඳහාත් අක්කර පහක් සඳහා පොහොර සහනාධාරය ලබාදීමට කටයුතු කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 August 2025
පාර්සල්-ලිපි ගුවන්තොටේ ගොඩගැසෙයි ශ්‍රී ලංකාවට ලෝකයේ විවිධ රට වලින් ලැබී ඇති ලිපි සහ පාර්සල් විශාල තොගයක් අද(20) දහවල් 12.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ( Cargo Village ) ගොඩ ගැසී තිබේ. 20 August 2025
ජාතික කෞතුකාගාර ආඥාපනත සංශෝධනයට ජාතික කෞතුකාගාර ආඥාපනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 August 2025
දේශපාලකයන්ට ක්‍රීඩා සංගම් නිලතල තහනම් කරයි කිසිම ක්‍රීඩා සංගමයක නිලතල සඳහා මින් ඉදිරියට ප්‍රාදේශීය සභා,පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මැති ඇමතිවරුන්ට ඉදිරිපත් විය නොහැකි බව මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 August 2025
රාජිතගේ දේපළ තහනමට අල්ලස් කොමිසම සැරසෙයි පසුගිය ජුනි මාසයේ සිට අධිකරණය මගහැර සැඟව සිටින වා යැයි කියන හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න මහතාට අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශයක් ලබාදීමට බල කෙරෙන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විශේෂ මෝෂමක් ගොනු කිරීමට අල්ලස් කොමිසම පියවර ගෙන ඇත. 20 August 2025
පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමයට ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබා දීම ඩිජිටල් ක්‍රම වේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 August 2025
පැල්වත්ත -සෙවනගල සංචාරක තෝතැන්නක් කරන්න යයි පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා පිහිටි පරිශ්‍ර වල තෝරාගත් ස්ථාන සංචාරක ආකර්ෂණය ඇති කිරීමේ අරමුණින් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 August 2025
ජාතික ක්‍රීඩා උළෙලට එන ක්‍රීඩක ක්‍රීඩකාවන්ට රක්ෂණයක් මෙවර ජාතික ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩකාවන්ට රක්ෂණාවරණයක් ලබාදීමට කටයුතු කරන බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 August 2025
කෘෂිකර්ම ව්‍යවසායකයන්ට සහන ණය යෝජනා ක්‍රමයක් කෘෂිකාර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යවසායකයින් දිරිමත් කිරීම සඳහා සහනදායී ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 August 2025
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026