
( ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
කළුතර වාඩිය මංකඩ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ යතුරු පැදිය බණ්ඩාරගම හොරණ මාර්ගයේ කොතලාවල හංදිය ආසන්නයේ වෙල්යායක් අසල දමා ගොස් තිබියදී අද (15) පෙරවරුවේ හමු වූ බව බණ්ඩාරගම පොලිසිය සඳහන් කරයි.
එෆ් = ඉසෙඩ් වර්ගයේ එම යතුරු පැදියේ. ඉදිරිපස අංක තහඩුව කළු පාටට හුරු ටේප් වලින් ආවරණය කර තිබූ බව පොලිසිය කියයි .
එම යතුරු පැදිය මත කළු පාටට හුරු ආරක්ෂක හිස් වැස්මක් සහ යතුරු පැදිය අසල බිම කළු පාටට හුරු රෙදි වලින් මැසූ අලුත්ම ජැකට්ටුවක් තිබී පොලිසියට හමුවී ඇත.
ඊට අඩි කීපයක් මඳක් වෙල්යාය අසල කහපාටට හුරු හාල් උරයක දමා තිබූ අලුත්ම සපත්තු යුගලක්ද පොලිසිය මගින් සොයාගෙන ඇත.
මෙම යතුරුපැදිය (14) රාත්‍රී වස්කඩුව වාඩිය මංකඩ ප්‍රදේශයේ සුප් වෙළඳසැලක් පවත්වාගෙන ගිය 33 හැවිරිදි පුද්ගලයා ඝාතනය කිරීමට පැමිණි යතුරු පැදිය බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd