සිඟිත්තිය උකුලට පැනීමෙන් මෝටර් රිය බිල්ලක් ගනී මෝටර් රථයක් පදවමින් සිටී කාන්තාවගේ උකුලට දෙහැවිරිදි සිගිති දියණිය පැනීමෙන් මෝටර් රථය පාලනයෙන් මිදි ත්‍රිරෝද රථයක සහ කුඩා ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් අයෙකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇති බව වාද්දුව පොලිසිය සදහන් කරයි . 15 June 2025
‘‘ට්‍රම්ප් පරිපාලනය ඉරානයට ගහන්න වක්‍රව ඊශ්‍රායලයට අනුමැතිය දීලා‘‘ ඇමෙරිකාව ඉරානයට පහරදීමට අනුමැතිය ලබාදී නොමැති බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතත් ට්‍රම්ප් පරිපාලනය වක්‍ර අනුමැතිය ඒ සඳහා ලැබී ඇති බවත් ඊශ්‍රායල ඉරාන යුද්ධය දින ගණනක් නොව සති ගණනක් පුරා පවතිනු ඇති බවත් ධවල මන්දිර හා ඊශ්‍රායල රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා වාර්තා කළේය. 15 June 2025
විදුලි සෝපානයක සිරවී තරුණයෙක් මරුට මොරටුවක් මැද පාරේ ඇති හෝටලය සේවයේ නියුතුව සිටි තරුණයෙකු හෝටල් අභ්‍යන්තර වැඩ කටයුතු සඳහා යොදවා තිබු සෝපානයට සිරවීමරණයට පත්වී ඇතැයි මොරටුව පොලිසිය පැවසීය. 15 June 2025
ඉරාන - ඊශ්‍රායල් ගැටුම් තවත් උග්‍ර වේ ඊශ්‍රායලය ඉරානයේ බලශක්ති කර්මාන්තය සහ ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථානය ඉලක්ක කරමින් පුළුල් ප්‍රහාරමාලාවක් අද(15) එල්ල කළ අතර ඉරානයද ඊට පිළිතුරු ලෙස මාරාන්තික මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරමාලාවක් එල්ල කළේය. 15 June 2025
ඉන්දියාවේදී හෙලිකොප්ටරයකුත් කඩා වැටේ:7 ක් මරුට උත්තරකාන්ද් ප්‍රාන්තයේ දුෂ්කර ප්‍රදේශයකදී හෙලිකොප්ටර් යානයක් අද (15) පෙරවරු 5.30 ට පමණ කඩා වැටීමෙන් එහි ගමන්ගත් 7 දෙනකු මියගොස් ඇතැයි ඉන්දියානු බලධාරීහු ප්‍රකාශ කළහ. 15 June 2025
තඹුත්තේගම රෝහලට තට්ටු හයක ප්‍රතිකාර ඒකකයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාපිත A ශ්‍රේණියේ එකම මූලික රෝහල වන තඹුත්තේගම මූලික රෝහල සඳහා තට්ටු හයකින් සමන්විත හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකකයක් කඩිනමින් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 15 June 2025
කොළඹ දිස්ත්‍රික් උසාවියේ වාර්තා කන්ටේනර් පෙට්ටිවල කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ බොහෝ තොරතුරු වාර්තා තිබෙන්නේ කන්ටේනර් පෙට්ටිවල බව අධිකරණ බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. 15 June 2025
කොහුවල නිවසකට වෙඩි කොහුවල කළුබෝවිල පන්සල පාරේ ව්‍යාපාරිකයකුගේ නිවසට අද (15)අලුයම යම් පිරිසක් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් ඇතැයි වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යු කේ වුට්ලර් මහතා පැවසීය. 15 June 2025
ජනපති මව්බිමට එයි ජර්මනියේ නිල සංචාරයකට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ දිවයිනට පැමිණියේය. 15 June 2025
පුද්ගල ඝාතනයකට දෙන්නෙක් අල්ලයි නිවසකට ඇතුළුවී දේපළ සොරා ගැනීමට තැත් කිරීමට උත්සාහ කල පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සොහොයුරන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බ්ලූ මැන්ඩල් පොලිසියකියයි. 15 June 2025
මුහුණු පොතේ සාදයක් වටලා 26 ක් අත්අඩංගුවට මුහුණු පොත ඔස්සේ සංවිධානය කළ මත්ද්‍රව්‍ය සාදයක් වටලා පෞද්ගලික විශ්ව විද්‍යාලයේ සිසුන් දස දෙනෙකු ඇතුළු 26 දෙනකු පානදුර මහබෙල්ලන නිවාඩු නිකේතනයක් තුළදී අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය කියයි. 15 June 2025
පුද්ගලයෙක් කපා කොටා මරලා යාපනය ඉරුපාලේ මඩතඩි ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති බව කෝපායි පොලිසිය සදහන් කරයි. 15 June 2025
අධිකරණයේ පුටු හයදාහක් හිස් අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යාංශයට අදාළ ආයතනවල පුරප්පාඩු හය දහසක් පමණ පවතින බව අධිකරණ බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. 15 June 2025
ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු මැදපෙරදිග කලාපයේ ඇමෙරිකානුවන්ට හෝ ඇමෙරිකන් කඳවුරුවලට හෝ ඉරානය ප්‍රහාරයක් එල්ල කළොත්, ඇමෙරිකාව නිකරුණේ බලා නොසිටින බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉරානයට අනතුරු ඇඟවීය. 15 June 2025
මත්ද්‍රව්‍ය ජාවාරමට අනුබල දුන් නාවික බුද්ධි නිලධාරියා අත්අඩංගුවට රුපියල් කෝටි 250 අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයක් දිවයිනට ආනයනය කිරීම සන්තකය ජාවාරම් කිරීම සඳහා ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් නාවික හමුදා බුද්ධි නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි. 15 June 2025
පළාත් කිහිපයකට මි.මී. 100කට වැඩි තද වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 15 June 2025
රඟ මඩල හැඩ කෙරූ අයිරාංගනියට සම්මාන ප්‍රවීණ රංගනවේදනී අයිරාංගනී සේරසිංහ මහත්මිය 2025 Silver Screen සම්මාන උළෙලේ දී සුමිත් බිබිලේ අනුස්මරණ ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලැබුවාය. 14 June 2025
සේවා නිලධාරිනිය ඇස් වසා ඇස්වැසුමට විදලා අස්වැසුම දීමනාව රුපියල් තිස්හත් ලක්ෂ අසූඑක් දහසක් වංචනික ලෙස වෙනත් ගිණුම්වලට බැරකර මුල්‍ය අක්‍රමිකතාවක් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් වැඩතහනමට ලක්ව සිටි කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කළමනාකාර සේවා නිලධාරිනිය 16දා තෙක් රිමාන්ඩ්භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය වැඩබලන මහේස්ත්‍රාත් කේ.කේ. ඉනෝකා නයෝමි මහත්මිය නියම කළාය 14 June 2025
කුලී වාහන වංචාවකට දෙකක් සැකපිට කුලී පදනම මත වාහන ලබාගෙන ඒවාට ව්‍යාජ ලේඛන සකස් කර විවිධ පුද්ගලයන්ට අලෙවි කළ බව කියන සැකකරුවන් දෙදෙනකු කඩවත මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය පවසයි. 14 June 2025
යේමනයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර ඉරානයට කළ පහර දීමෙන් පසු, යේමනයේ සිටින ඉරාන හිතවාදී හවුති සටන්කාමීන් ද ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන බව වාර්තා වේ. කෙසේ නමුත් එම මිසයිල උඩු ගුවනේ දී විනාශ කර දැමීමට ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධතිය සමත් විය. 14 June 2025
පුටින් මැදිහත් වෙන්න කැමතියි තමන් මැදිහත්වී අර්බුදය අවසන් කිරීමට සූදානම් බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. 14 June 2025
බලන්ගොඩ සිසුවාගේ මියයෑම: අධ්‍යාපනයෙන් පරීක්ෂණයක් බලංගොඩ රජවක මහ විදුහලේ ගසක අත්තක් කඩා වැටීමෙන් සිසුවකු මිය යෑම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කර සතියක් තුළ වාර්තාවක් දෙන අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා නිලධාරීන්ට නියෝග කළේය. 14 June 2025
ඊශ්‍රායලයේ උදවුවට ආවොත් බලාගෙනයි ඊශ්‍රායලය සමඟ යුදගැටුමක පැටලී සිටින ඉරානය ඇමෙරිකාවට, මහා බ්‍රිතාන්‍යයට සහ ප්‍රංශයට අනතුරු ඇගවීමක් කළේය. 14 June 2025
ප්‍රංශ තානාපති අගමැතිනී හමුවෙයි ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති රෙමී ලැම්බර්ට් (Remi Lambert) මහතා කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවිය. 14 June 2025
උප තැපැල් ස්ථානාධිපතිවරු 378 ක් ස්ථිර වෙති වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් 378 කට ස්ථිර පත්වීම් පිරිනැමීමට රජය තීරණය කර තිබේ. 14 June 2025
මුරුත්තෙට්ටුවේ හිමිගේ හෙද සංගමය සුව ඇමති හමුවෙයි හෙද සේවාවේ අභිවෘද්ධිය මෙන්ම හෙද නිලධාරීන්ට අදාළ කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඇතුළු සංගමයේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 14 June 2025
ලංකාව ආහාර කලාවක් ඇති රටක් ලෙස ප්‍රචලිත කළ යුතුයි සංචාරකයින් ගමනාන්ත පමණක් නොව අත්දැකීම් ද සොයා යන ලෝකයක සුවිශේෂී ආහාර කලාවක් හිමි රටක් ලෙස තව තවත් ආකර්ෂණීය වීමට කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කීවාය 14 June 2025
සිරකරු සිද්ධිය: නීතිඥ සංගමයෙන් ජනපතිට ලියුමක් ශ්‍රී ලංකාවේ බන්ධනාගාරයන්හි ක්‍රියාත්මක වන නිලධාරි අධිරාජ්‍ය බිඳ දැමීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාට යවන ලද ලිපියකින් පෙන්වා දී ඇත. 14 June 2025
ජනපති ජර්මනියේ ලාංකිකයන් හමුවෙයි ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමු විය. 14 June 2025
මුරකරු මරා කෝටි 2ක වෑන් රථයක් කොල්ල කාලා වෙන්නප්පුව උල් හිටියාව ප්‍රදේශයේ නිවසකට ඊයේ (13) පැමිණි සැකකරුවන් පිරිසක් එහි සිටි මුරකරු ඝාතනය කර නිවසේ තිබූ රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් වටිනා සුඛෝපභෝගී වෑන් රථයක් කොල්ල කා පලා ගොස් ඇති බව වෙන්නප්පුව පොලිසියිය පවසයි. 14 June 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025