(ටී.කේ.ජී.කපිල )

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය මෙරට නිල සංචාරයක් සදහා අද පස්වරුවේ දිවයිනට  පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

ඇය සමග දූත පිරිස ලෙස 03 දෙනෙක් ද පැමිණ සිටිති .

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීහු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.