ඊසානදිග සිරියාවේ, ඇමෙරිකන් හමුදා යටතේ පැවැති අල් ෂදාදී හමුදා කඳවුර සිරියානු අරාබි හමුදාව අතට පත් විය. ඒ, ඇමෙරිකන් හමුදා එම කඳවුර අතහැර යෑමෙන් පසුවය.

සිරියානු අරාබි හමුදාව ද සිරියානු රජයට සම්බන්ධ හමුදා බලඇණියයි. මේ වනවිට මෙම පලාතේ ක්‍රියාත්මක කුර්දි සටන්කාමීන් සහ සිරියානු රජයේ හමුදා අතරේ ද සටන් විරාමයක් පවතී. ඒ, තුර්කි සහ සිරියානු ජනාධිපතිවරුන් අතරේ ඇතිකරගත් එකඟතාවකට අනුවය.

ඇමෙරිකන් හමුදා මෙම කඳවුරේ රැඳී සිටියේ 2016 වසරේ සිටය. අයි.එස්. ත්‍රස්තවාදීන් සිරියාවේ පළාත් අල්ලා ගනිමින් ඔවුන්ගේ ඉස්ලාමීය රාජ්‍යය පිහිටුවද්දී, ඇමෙරිකන් හමුදා අයි.එස්. ඉලක්කවලට පහර දුන්නේ මෙම කඳවුර භාවිතයට ගනිමිනි.