මැති ඇමතිවරුන්ට මැතිසබේන් දුන්නු තෑග්ග
කතානායක, නියෝජ්‍ය කතානායක, නියෝජ්‍ය කාරක සභා සභාපති අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පාර්ලිමේන්තුවෙන් පසුගිය වසර දහයක කාලයේදී(2015 සිට 2024 දක්වා)රුපියල් කෝටි 585 වැඩි වටිනා ඉන්ධන දීමනා ඇතුළු විවිධ දීමනා ගෙවා ඇතැයි එහි පාලනාධිකාරිය තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබාදී ඇති පිළිතුරක සඳහන්වේ.