
(අංජුල මහික වීරරත්න)
ඉන්දියාවේ බැංගලෝර් (BLR) ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා මගීන් සහ බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඉන්දියාවේ බැංගලෝර් (BLR) ගුවන් තොටුපොළෙහිදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා මගීන් සහ බිම් මෙහෙවර සේවා සපයා ගැනීම සඳහා සීමිත ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රියාවලිය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ.
ඒ සඳහා ලංසු 3 ක් ලැබී ඇත. එම ලංසු ඇගයීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව අවම ලංසුකරු වන GlobeGround India Pvt. Ltd. වෙත එකී සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, 2026-04-01 දින සිට 2029-03-31 දින දක්වා වසර 3 ක කාල සීමාවක් සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 3.093 ක මුදලකට පිරිනැමීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd