
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය සඳහා විදෙස් අරමුදල් සපයා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඩිජිටල් ආර්ථික උපාය මාර්ග (2025-2030) යටතේ වන ශ්‍රී ලංකා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය, ජාතික ප්‍රතිපත්ති ප්‍රමුඛතාවක් වන ඩිජිටල් ක්‍රම වේදයන් තුළින් කාර්යක්ෂමව හා විනිවිද භාවයෙන් යුක්තව රාජ්‍ය සේවා සැපයීම නවීකරණය කිරීම අරමුණු කර ගනිමින් සකස් කරනු ලැබ ඇත. එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ සහාය ලබා ගැනීම සඳහා 2025-10-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව ආරම්භ කරන ලද ශ්‍රී ලංකා රජය සහ ලෝක බැංකු සමූහයේ සියලුම පාර්ශ්ව කරුවන්ගේ සහභාගීත්වයෙන් වූ එකී ව්‍යාපෘතියට ආධාර ලබා ගැනීමට අදාළ ණය සාකච්ඡා මේ වන විට අවසන් කරනු ලැබ ඇත. එහිදී එළඹි එකඟතාවන් අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ණය පහසුකම ලබා ගන්නා ආයතනය වශයෙන් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයද, ක්‍රියාත්මක කිරීමේ ආයතනය වශයෙන් GovTech Sri Lanka ද කටයුතු කරනු ලබයි. ව්‍යාපෘතියට අදාලව ප්‍රතිපත්ති අධීක්ෂණය සහ අන්තර් අමාත්‍යාංශ සම්බන්ධීකරණය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වෙත පැවරී ඇත. ඒ අනුව, 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනතේ විධිවිධාන යටතේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් නිර්දේශ කරනු ලැබ ඇති මුල්‍ය නියමයන් සහ කොන්දේසි මත පදනම්ව, ලෝක බැංකු සමූහය වෙතින් යෝජිත ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 50 කට සමාන විශේෂ ගැනුම් හිමිකම් (SDR) අරමුදල් සලසා ගැනීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd