
(අංජුල මහික වීරරත්න)
'ප්‍රජා ශක්ති' දිළිදු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය නෛතිකව බලගැන්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් ජාතික ප්‍රතිපත්තියට අනුකූලව ' ප්‍රජා ශක්ති' දිළිදු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීම සඳහා 2025-02-24 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. මෙම වැඩසටහන මහජන කේන්ද්‍රීය ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ සඳහා ජාතික ප්‍රතිපත්ති සභාවක් සහ ජාතික මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කර තිබේ. අමාත්‍යාංශ, පළාත් සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධ ව්‍යුහයක් තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, ග්‍රාමීය මට්ටමේ ගැටලු හඳුනා ගැනීම, වැඩසටහන් සැකසීම, ව්‍යාපෘති සැලසුම්කරණය, අධීක්ෂණය, ප්‍රගති සමාලෝචනය, සමාජ විගණනය මෙන්ම ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ පසු විපරම් කිරීම සඳහා ප්‍රජා දායකත්වය ලබා ගැනීම යන ක්‍රියාකාරකම් ඇතුළත්ව සමස්ත දිවයිනම ආවරණය කරනු ලබයි. මෙම ජාතික ව්‍යාපාරයට සම්බන්ධ පාර්ශ්ව කරුවන් සමඟ පැවති සංවාද වලදී ඒ සඳහා පාර්ලිමේන්තු පනතක් මඟින් නෛතික බලගැන්වීමක් ලබා දීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇත. ඒ අනුව, "ප්‍රජා ශක්ති' දිළිදු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය නෛතිකව බලගැන්වීම පිණිස පනත් කෙටුම් පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd