
චීනය සහ ටිබෙටය අතරේ පවතින අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, විශේෂ නියෝජිතවරයකු පත් කර ඇත. චීන ටිබෙට් අර්බුදය සම්බන්ධයෙන් පත් කළ එම විශේෂ නියෝජිතයා රයිලි බාර්න්ස්ය.
මොහු මේ වනවිට ප්රජාන්ත්රවාදය, මානව හිමිකම් සහ කම්කරු කටයුතු පිළිබඳ සහකාර ලේකම්වරයකු ලෙස කටයුතු කරයි.
චීන ටිබෙට් අර්බුදයට අදාළව ඇමෙරිකානු පාර්ලිමේන්තුව (කොංග්‍රසය) නියෝජිතයකු පත් කිරීමට අනුමැතිය ලබා දීම සිදුවූයේ 2002 දීය.
ටිබෙට් නව අවුරුදු උදාවත් සමඟ මෙතෙක් කලක් පුරප්පාඩුව පැවැති එම ධුරයට රයිලි බාර්න්ස් පත් කළේ යැයි ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ටිබෙටය වසර ගණනාවක් පුරා ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවති නමුත්, 1950 වසරේදී චීන මහජන සමූහාණ්ඩුව ටිබෙටය ආක්‍රමණය කළේය. චීනය පවසන්නේ ටිබෙටය ඓතිහාසිකව චීනයේ කොටසක් බවයි. එසේ වුවත්, ටිබෙට් වැසියන් එය ප්‍රතික්ෂේප කරයි. වසර ගණනාවක් ඔඩුදුවන චීන ටිබෙට් අර්බුදය යනු මෙයයි.
1959 දී චීන පාලනයට එරෙහිව ටිබෙටයේ ඇති වූ අසාර්ථක කැරැල්ලෙන් පසු, ටිබෙට් වැසියන්ගේ ආධ්‍යාත්මික නායක දලයි ලාමා වහන්සේ ඉන්දියාවට පලා ගියහ. අද ද චලයි ලාමා තුමන්ගේ නවාතැන වන්නේ ඉන්දියාවේ ධර්මශාලාය. වත්මන් දලයි ලාමා තුමා ටිබෙටයෙන් පිටුවහල් වී, ටිබෙට් වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd