(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

තර්ජනයට ලක්විය හැකි විනිශ්චකාරවරුන්ට ප්‍රමාණාත්මක ආරක්ෂාවක් ලබාදී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී  පැවසීය.

නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නීතිඥයන්ට සහ විමර්ශන නිලධාරීන්ට ඇති තර්ජන හඳුනාගෙන ආරක්ෂක තක්සේරු වාර්තා ගැනීමෙන් පසු ඔවුනටද ආරක්ෂාව ලබාදෙන අමාත්‍යවරයා කීය

ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අකුරේගොඩ සිද්ධියෙන් සමස්ත නීතිඥ ප්‍රජාවට කිසිදු බලපෑමක් නැතැයිද ඔහු කීවේය.

නීතිඥවරුන්ට වෘත්තීය කටයුතු කිරීමට කිසිදු තර්ජනයක් නැති බව පැවසූ ආනන්ද විජේපාල මහතා ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නිසා අකුරේගොඩ සිද්ධියේ වැඩිදුර තොරතුරු හෙළි කළ නොහැකි බවද සඳහන් කළේය.

අකුරේගොඩ වෙඩි තැබීම පදනම් කරගෙන විපක්‍ෂනායකවරයා මෙම ප්‍රශ්නය මතු කළේය.