(ටී.කේ.ජී.කපිල )

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර පැවති පළමු වැනි ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් 80 ක් දිනා ගෙන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .

මෙම තරගාවලිය ලෝකයේ රටවල් 143 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 24,000 කගේ සහභාගීත්වයෙන් , ඉකුත් 06 දින සිට 15 දින දක්වා පවත්වා තිබුණි .

එහිදී මෙම තරගාවලියට සහභාගී වූ  ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 34 දෙනෙකු  රන් පදක්කම් 10 ක් , රිදී පදක්කම් 40 ක් සහ ලෝකඩ පදක්කම් 30 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි .

මෙම ජයග්‍රහණයන් හිමි කර ගත් ශ්‍රී ලාංකික ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා කණ්ඩායම 15 දින රාත්‍රී 09.28 ට එයාර් ඇරේබියා ගුවන් සේවයේ 3.එල්.- 307 දරණ ගුවන් යානයෙන් අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .