( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නැවති තිබු පුත්තලම දුම්රිය යළි අද(16 )   උදෑසන සිට ආරම්භ වු බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

කොළඹ සිට  පුත්තලමට අද  උදෑසන 8.20 පමණ වන විට කාර්යාල දුම්රිය ළඟා විම සිදුවිය.

පසුගිය වසරේ නොවැම්බර් මාසයෙ කුණාටුව හේතුවෙන් පුත්තලම කොළඹ දුම්රීය මාර්ගයෙ ස්ථාන කිපයක පාලම් කැඩි දුම්රිය මාර්ග පද්ධතියට හානි විමත් සමග දුම්රිය ගමන් වාර පුත්තලම දක්වා නැවති තිබුණි.

ඒ අනුව හලාවත සිට පුත්තලම දක්වා වු දුම්රිය මාර්ගයෙ බත්තුළුඔය පාලම හා පුත්තලම තිල්අඩිය කුඩා පාලමක් කැඩි යාමත් සමග දුම්රිය ගමන් කිරීමට නොහැකි වි තිබු බව කියයි.

දුම්රිය මාර්ගය දින 20 කට පෙර පාලවිය දක්වා සියලු කටයුතු අවසන් කර තිබුනද දුම්රීය ගමන් වාර ආරම්භ කර නොතිබුණි.

නමුත්  සුපුරුදු පරිදි නැවත පුත්තලමට කොළඹ සිට දුම්රීය ළගා විමත් සමග පුත්තලම දුම්රීය ස්ථානයෙන් සියලු දුම්රීය නැවත ක්‍රියාත්මක වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

අද  පුත්තලම කාර්යාල දුම්රීය පැමිණියද පුත්තලම පැමිණෙන කාර්යාල නිළධාරින් අද දක්නට නොලැබුණ අතර ඔවුන් හෙට සිට දුම්රීයෙ යළි සේවයට වාර්තා කරනු ඇතැයි දුම්රීය බලධාරින් පැවසිය.