(විමුක්ති එස් රුද්‍රිගූ)
 
එක්සත් රාජධානි නියෝජ්‍ය අග්‍රාමාත්‍යය ඩේවිඩ් ලැමී මහතා කෙටි එක්දින නිල සංචාරයක් සඳහා හෙට (17) මෙරටට පැමිණෙන බව මෙරට එක්සත් රාජධානි මහ කොමසාරිස් කාර්යාලය අද (16) ප්‍රකාශ කළේය.

ඩේවිඩ් ලැමී  මහතාගේ නිල සංචාරයේදී ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍යය ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්ම මහත්මීන් හමුවී ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වීමටද නියමිත බව මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

එසේම එක්සත් රාජධානි නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ළමා රැකවරණය සඳහා වන ගෝලීය ව්‍යාපාර ප්‍රඥප්තිය සඳහා වන ගිවිසුමටද අත්සන් තැබීමට නියමිත අතර එම උත්සවය අද(17) මෙරට එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේය.