කේරළ වෙරළ ළඟ අනතුර වූ නැවේ ප්ලාස්ටික් ලංකාවට එයි
ඉන්දියාවේ කේරළ වෙරළ තීරයට නාවුක සැතපුම් 38ක් ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයේ දී ඉකුත් 25 දා අනතුරට පත් ලයිබීරියාවේ ධජය සහිත (MSC ELSA 3) බහාලුම් නෞකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මන්නාරම ,කිලිනොච්චි සහ හලාවත වෙරළ තීර වලට සහ ඩෙල්ෆ්ට්, නාගදීප වෙරළට ගොඩ ගසා ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමානාධිකාරී ජගත් ගුණසේකර මහතා සඳහන් කළේය.