
බංග්ලාදේශ මහ මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට එරට ජාතික පක්ෂය සහ ඊට හිතවත් සෙසු පක්ෂ සමත්විය.
ආසන 299 ක් සඳහා පැවැති මැතිවරණයෙන්, බංග්ලාදේශ ජාතික පක්ෂය සහ ඊට හිතවත් සෙසු පක්ෂ ආසන 211ක් ජයග්‍රහණය කළ බව වාර්තා වේ.
2024 වසරේ පැවැති ප්‍රචණ්ඩකාරී ශිෂ්‍ය අරගලයෙන්, අග්‍රාමාත්‍ය සෙයික් හසීනාට ධුරය අහිමි වීමෙන් පසු, බංග්ලාදේශයේ පාලනය අන්තර්වාර පාලක මණ්ඩලයකට හිමිවුණු අතර, එම පාලක මණ්ඩලය මැදිහත් වී ඊයේ (12) මහ මැතිවරණය පැවැත්වීය.
බංග්ලාදේශ ජාතික පක්ෂය යනු බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍යවරියක මෙන්ම, මීට මාස කීපයකට පෙර අභාවප්‍රාප්ත වූ කලීඩා සියාගේ පක්ෂයයි.
වසර ගණනක් බංග්ලාදේශයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස කටයුතු කරන්නේ ද මෙම පක්ෂයයි. කලීඩා සියාගේ අභාවයෙන් පසු පක්ෂයට නායකත්වය දෙන්නේ ඇගේ පුතු තරීක් රෙහ්මාන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd