(සුමිත් පොතුපිටිය)

කිසියම් රසායනික ද්‍රව්‍යයක් ස්වසනය වීමෙන් පාසල් සිසුවියන් 19 දෙනෙකු පානදුර මූලික  රෝහලට රැගෙන විත් ඇති බව පානදුර මූලික  රෝහල් ප්‍රකාශකයෙක් කීය.

මෙලෙස රෝහල් ගත කළ පිරිස අතර සිසුවියන් 13 ක් , ගුරුවරියෝ 5 ක් සහ පාසල පිරිසිදු කිරිමට පැමිණි මවක් ද වන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මොරටුව ප්‍රදේශයේ පාසලක සිසුවියන් පිරිසක් මෙසේ රෝහල් ගත කර තිබෙන බවද සඳහන්වේ.

පාසලේ රසායනාගාර පරීක්ෂණයකදී කිසියම් රසායනික ද්‍රව්‍යයක් ස්වසනය වීමෙන් බවට තොරතුරු ලැබී ඇති බවත් සදහන් වේ.

රෝහල් ගත කර ඇති සිසුවියන්ගේ තත්ත්වය බරපතළ නොවන බවද රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.