(ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ)
පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් මධ්‍යම පළාතේ නුවරඑළිය සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (13) පියවර ගෙන තිබේ.
ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහීන්න හා වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ අවධානයෙන් සිටින ලෙස සහ මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ විමසිලිමත් වන ලෙස දැනුම්දීමේ නිවේදනය නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ඇත.
මෙම නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේනිවේදනය හෙට (14) පෙරවරු 6.00 දක්වා වලංගු බවත්, එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ගේ පදිංචි ජනතාව ඒ සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් දැනුම් දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd