(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සිංහරාජ අඩවි වන රක්ෂිතයට අයත් ලංකා බේරිය වතුයායේදී ගෝනෙකු වෙඩි තබා මරා දැමීමේ වරදට තවත් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොඩකවෙල පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි කොස්තාපල්වරයෙකි.
එම අපරාධයෙන් අනතුරුව සැකකාර කොස්තාපල්වරයා ඇතුළු නිලධාරීන් කීප දෙනෙකු සූරියකන්ද පොලිසියෙන් විවිධ පොලිස් ස්ථාන වෙත මාරුකර යවා තිබිණි.
මෙම අපරාදය සම්බන්ධයෙන් ඉකුත් 06 වෙනිදින සූරියකන්ද පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඞ් භාරයට පත් කර ඇත
ඉකුත් ජනවාරි මස 17 වැනිදා සිංහරාජ වන අඩවි රක්ෂිතයට අයත් ලංකා බේරි වතුයායේදී සැලසුම් සහගත ලෙස සාමූහික කණ්ඩායමක් වශයෙන් සැකකරුවන් පිරිස එම අපරාධය සිදු කර තිබිණි.
එම අපරාධයට ගොඩකවෙල පොලිසියේ කොස්තාපල්වරයාද සම්බන්ධ බවට විමර්ශනවලදී සැක හැර කරුණු අනාවරණය වීමෙන් අනතුරුව එම කොස්තාපල්වරයා පෙරේදා (12) නාරහේන්පිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවා දීර්ඝ ලෙස ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත
අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි වියේ පසුවෙන සූරිය කන්ද , බුදු තොට රන් තොටි කන්ද පදිංචිකරුවෙකි.සැකකාර කොස්තාපල්වරයා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා... මේ පොලිසියේ අයත්... වැරැදි කරනවා නම් සාමාන්‍ය ජනතාව ගැන මොන කතාද?
නීතිය හා සාමය රකින පොලිස් නිලධාරීන්ගෙන් සිදු නොව්ය යුත්තක්...