(නිමල කොඩිතුවක්කු)

පාසල් සිසුන් සඳහා වන පාවහන් තිළිණපත්වල කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව එම තිළිණපත්වල වලංගු කාලය අනිද්දා (15) දිනෙන් අවසන් වීමට තිබුණ ද එහි වලංගු කාලය පෙබරවාරි 28 දින දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇතැයි එම අමාත්‍යාංශය නිවේදනය කරයි.

2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් වෙත රු 3000.00 ක වටිනාකමක් සහිත පාවහන් තිළිණපත් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබීය.