
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අකුරේගොඩ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් සිව්දෙනකු සම්බන්ධයෙන් තොරතුරු මේ වනවිට වැදගත් තොරතුරු රැසක් අනාවරණවී ඇතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඇතුළු කණ්ඩායම් 12ක් පත් කර ඇති බව ද පොලිස් මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේය.
"මේ අපරාධකරුවන් ගමන් කළා කියන වාහනය ගිනිගැනීමක් සිදුවුණා. ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍යයේ කොතරම් තොරතුරු පළ වුණත්, අපි මේක තහවුරු කරන්නේ, රසපරීක්ෂක වාර්තාව ලැබුණාට පස්සේ. අපිට එහෙම හිතුණාට, මේක සියයට 100ක් ඒ වාහනය කියලා කියන්න බැහැ.
මේ සිද්ධියට සම්බන්ධයෙන් වෙඩි තැබූ දෙන්නා පමණක් නෙවෙයි ඉන්නේ. මේක සම්බන්ධ තවත් ගණනාවක් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් අපිට සාර්ථක තොරතුරු ලැබිලා තියෙනවා. පුද්ගලයින් සිව් දෙනෙක් සම්බන්ධයෙන්. මේ මාධ්‍ය සාකච්ඡාවට එන්න කලිනුත් තවත් තොරතුරක් ලැබුණා. දවසක් දෙකක් ඇතුළත, මේක විසඳගන්න බොහෝවිට ඉඩකඩ ලැබෙයි කියලා විශ්වාස කරනවා.
මේ වෙඩිතැබීම සම්බන්ධයෙන් පොලීසියේ දැඩි අවධානයක් යොමුවෙලා තියෙනවා. නීතිඥවරයා සම්බන්ධයෙන් කිසිම දෙයක් පොලීසියක් විදිහට අපි නිවේදනය කරලා නැහැ. ඇතැම් කරුණු ජනමාධ්‍ය ඔස්සේ හෝ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වුණා. අපි 100%ක්ම ඒ කරුණු අනුමත කරන්නේ හෝ බැහැර කරන්නේ නැහැ. මේ විමර්ශන කටයුතු ඉතාමත් සංවේදීයි. දැනට සෑහෙන්න දුරකට මේ කටයුතු සිදු කරලා අවසන්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd