( චන්ද්‍රසේන ගමගේ)

සූරියවැව අන්දරවැව ධර්මදූත ආශ්‍රමයේ මීට සුළු මොහොතකට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වූ රැස්වීමකට පැමිණි දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් නිසා එම රැස්වීම උණුසුම් තත්ත්වයක් ගනු ලැබීය.

ප්‍රදේශයේ ගොවි ගැටලු ගැන සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය නායකයන්  සංවිධානය කර තිබුණු අතර එම රැස්වීම් අතරතුරදී සභාව ඇමතු වලව වම් ඉවුරේ ගොවිනායකයකුට පැමිණ සිටි පිරිසක් විරෝධය පෑම නිසා මෙම උණුසුම්කාරී තත්ත්වය ඇති විය.

ප්‍රදේශයට ආරක්ෂාව සපයා තිබූ සූරියවැව පොලිසියේ මැදිහත්වීම මත තත්ත්වය පාලනය කිරීමට හැකි වූහ. පසුව විපක්ෂ නායකවරයාගේ සහභාගිත්වයෙන් එම රැස්වීම පැවැත්වෙමින් තිබේ.