
වාර්ෂිකව පැවැත්වෙන මියුනිච් ආරක්ෂක සමුළුව පසුගිය 13 වැනිදා මියුනිච් නුවරදී ආරම්භ වුණු අතර, ලෝක නායකයන් සහ නියෝජිතයන් ඇතුළු බොහෝ පිරිසක් ඊට සහභාගී වූහ.
ගෝලීය ආරක්ෂාව, තාක්ෂණය සහ සයිබර් තර්ජන, රටවල පාලන තන්ත්රවල පවතින අස්ථාවරභාවය ආදී කරුණු කාරණා රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණි.
සමුළුවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහභාගී නොවුණු අතර, ඇමෙරිකාව නියෝජනය කරමින් සමුළුවට සහභාවී වූයේ ඇමෙරිකන් රාජ්ය ලේකම් මාර්කෝ රූබියෝය.
රුසියන් යුක්රේන යුද්ධය සහ ට්රම්ප්ගේ තීරු බදු හේතුවෙන් ඇමෙරිකාව සහ යුරෝපා රටවල් අතර පවතින බෙදීම ඇමෙරිකන් රාජ්ය ලේකම්වරයාගේ අවධානයට ලක් විය.
යුරෝපා නායකයන් ආමන්ත්රණය කරමින් රූබියෝ පෙන්වා දුන්නේ ඇමෙරිකාව සහ යුරෝපා රටවල් අතරේ සුහදත්වයක් පැවැතිය යුතු බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd