
(අංජුල මහික වීරරත්න)
වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි සේවය කළ වයි. ආර්. සේරසිංහ මහතා වයස අවුරුදු 55 සම්පුර්ණ වීම මත 2025-10-07 දින රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබීම හේතුවෙන් එකී තනතුර මේ වන විට පුරප්පාඩු වී පවතී. එකී තනතුර සඳහා සුදුසු නිලධාරියකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 31 ක සේවා කාලයක් සපුරා ඇති රියර් අද්මිරාල් ආර්.ජෝෂප් මහතා හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව,වහාම ක්‍රියාත්මක වන පරිදි වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට ඔහු පත් කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd