
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පිල විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ‘සුපිරි අට’ වටයට සුදුසුකම් ලබාගැනීමට මීට සුළු මොහොතකට පෙර සමත් විය.
මහනුවර පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (16) රාත්‍රී පැවැති පළමු වටයේ 30 වැනි තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 8 කින් ප්‍රබල ඕස්ටේ්‍රලියානු පිල පරාජය කරමින් පිට පිටම තෙවැනි ජය ලැබීමට සමත් වූහ.
ශ්‍රී ලංකාව එම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු 6 ක් හිමිකරගනිමින් තරගයක් ඉතිරිව තිබියදී ‘සුපිරි අට’ වටයට සුදුසුකම් ලැබීය.
ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 182 ක ඉලක්කය ඕවර 18 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.
පැතුම් නිස්සංක අති විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 52 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 100 ක් රැස්කරමින් ජයග්‍රහණයේ දැවැන්ත කොටස්කරුවෙක් බවට පත්විය. මෙය පැතුම්ගේ දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ශතකයයි.
පළමුව පන්දුවට පහර දුන් ඕස්ටේ්‍රලියානු ආරම්භක පිතිකරුවන් වූ මිචෙල් මාෂ් (54) සහ ට්‍රැවිස් හෙඩ් (56) පන්දු 51 කින් ලකුණු 104 ක සම්බන්ධතාවක් පැවැත්වුවද දුෂාන් හේමන්තගේ (37/3) විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් ලකුණු 181 කට සීමාවිය.
ඕස්ටේ්‍රලියාව ඕවර 20 කදී සියලු දෙනා දැවී 181 (මිචෙල් මාෂ් 54, ට්‍රැවිස් හෙඩ් 56, ජොෂ් ඉංග්ලිස් 27, ග්ලෙන් මැක්ස්වෙල් 22, දුෂ්මන්ත චමීර 36/2, දුෂාන් හේමන්ත 37/3) ශ්‍රී ලංකාව ඕවර 18 කදී කඩුලු 2 ට 184 (පැතුම් නිස්සංක නොදැවී 100, කුසල් මෙන්ඩිස් 51, පවන් රත්නායක නොදැවී 28, මාකස් ස්ටොයිනිස් 46/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd