
ඇමෙරිකාව සහ ඉරානය අතරේ පැවැත්වෙන දෙවැනි වටයේ සාකච්ඡා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිතය.
පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුම් සෙවීමේ අරමුණින් මෙම සාකච්ඡා පැවැත්වෙන අතර, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, දෙරටේ නියෝජිතයන් අතරේ පැවැත්වෙන සාකච්ඡා සඳහා තමන් ද වක්‍රව සම්බන්ධ වන බවය.
ඇමෙරිකාව සහ ඉරානය අතරේ අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමිනි.
ඉරානය එම න්‍යෂ්ටික වැඩසටහන පවත්වාගෙන යන්නේ එරට බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස යැයි පවසයි. එසේ වුවත්, ඊශ්‍රායලයේ උසිගැන්වීමෙන්, නිසා ඇමෙරිකාව ඉරානයට චෝදනා නගන්නේ ඉරානය එම න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී විනාශකාරී න්‍යෂ්ටික අවි නිපදවන බවටය.
පසුගියදා පැවැති පළමු වටයේ සාකච්ඡාවලදී, ඇමෙරිකාව සමඟ යහපත් සබඳතා ඇති කරගැනීමට ප්‍රවේශයක් ලැබුණු බව ඉරාන රජය පවසා තිබුණි. ජිනීවා නුවර පැවැත්වෙන සාකච්ඡා සඳහා සහභාගී වීමට ඉරාන විදේශ ඇමැති අබ්බාස් අරග්චි ජිනීවා බලා පිටත්ව ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd