(ටී.කේ.ජී.කපිල)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේ පැවැත්වෙන කෘතිම බුද්ධිය පිළිබද ( A.I. Impact summit ) ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීම සදහා  පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

මෙම සමුළුවට සහභාගී වීම සදහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා  අනුර කුමාර දිසානායක මහතා වෙත ආරාධනා කර තිබුණි .

ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස අද පස්වරු 02.05 ට  ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ.