(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් තිබිය යුතු යැයි සෘජුවම විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මත විමසුමකින් ඉහළ ප්‍රතිශතයක් ලැබුණා යැයි රජය උද්දාමයට පත්ව තිබෙනවා.රජය ජනප්‍රිය යැයි ඔය තරම් හිතනවා නම් පළාත් සභා මැතිවරණය පවත්වන්න.කමිටු දාගෙන, තේරීම් කාරක සභා දාගෙන විවිධ උපක්‍රම උපයෝගී කරගෙන පළාත් සභා මැතිවරණය කල් දාන්නේ ඇයි?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් තිබිය යුතු යැයි අප සෘජුවම විශ්වාස කරනවා.අප ඒ පදනමේ බොහොම ශක්තිමත්ව සිටිනවා.ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල මහජන නියෝජිතයන්ට විශ්‍රාම වැටුපක් ලබා දෙන්නේ ප්‍රධාන හේතුවක් නිසයි.අල්ලස සහ දූෂණය අවම කිරීම එහි අරමුණයි.තම කාල වකවානුවෙන් පසුව මන්ත්‍රීවරුන්ට යම් සමාජ ආරක්‍ෂණයක් ප්‍රතිපත්ති සම්පාදකයන්ට ලබාදීම එහි අරමුණයි. යනුවෙන්ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.