ඇමෙරිකාවේ රෝඩ්ස් අයිලන්ඩ් ප්‍රාන්තයේ පවුටුකෙට් නමැති කුඩා නගරයේ උසස් පාසලක හොකී ක්‍රීඩා තරගයක් අතරතුරේ සිදුවුණු වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. බරපතල තුවාල ලැබූ සිවුදෙනකු රෝහල්ගත කෙරුණි.

වෙඩි තැබීම කලේ තරුණයකු බවත්, ඔහු ද වෙඩි තැබීමෙන් පසු, දිවි නසාගෙන ඇති බවත් පැවැසෙයි. පවුටුකෙට් පොලිස්පති ටීනා ගොන්කාල්ව්ස් කියා සිටියේ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත්, පොලිස් විමර්ශන දිගටම සිදුවෙමින් පවතින බවත්ය.

තුවාල ලබා රෝහල්ලගත කළ සිවුදෙනාගේ තත්ත්වය ද බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසා ඇත. වෙඩි තැබීම සිදුවූයේ පවුටුකෙට් උසස් පාසලට අයත් ඩෙනිස් එම්. ලින්ච් ක්‍රීඩාංගනයේය. 

පවුටුකෙට් යනු 80,0000 ක පිරිසක් ජීවත් වන කුඩා නගරයකි. ක්‍රීඩාංගනයේ පැවැතියේ පාසලේ හොකී කණ්ඩායම් දෙකක් අතරේ තරගයකි. වෙඩි තැබීම සිදුවෙද්දී ක්‍රීඩාංගනය පාසල් සිසු සිසුවියන්ගෙන් පිරී තිබුණි. එබැවින් එම අවස්ථාවේදී මහ කලබලයක් ද ඇති විය.