‘කුෂ්‘ සමඟ විදේශිකයා ගුවන්තොටේදී අල්ලයි රුපියල් දස කෝටි පනස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත’’ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගියෙකු අද(05) උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 05 September 2025
බස් අනතුරින් මියගිය අය අතර තංගල්ල න.ස ලේකම් ඇතුලු සේවකයින් 12ක් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කණුව ප්‍රදේශයේ සිදු වූ විනෝද චාරිකා බස් රථ අනතුරින් මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුලු කාර්ය මංඩලයේ 12 දෙනකු සිටින බව ඇල්ල පොලිසිය පවසයි . 05 September 2025
හදවත රකින බේතක් ගේන්න ප්‍රසම්පාදනය දෙයි ටෙනෙක් විප්ලේස් එන්නත් මිලිග්‍රෑම් 40න් වයල් 30,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 September 2025
පද්මේගේ අයිස් ෆැක්ටරියේ පාකිස්තානුවොත් වැඩ කරලා කෙහෙල්බද්දර පද්මේ නුවරඑළියේ පවත්වාගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයයේ පාකිස්තානු ජාතිකයින් දෙදෙනෙකුද සේවය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. 05 September 2025
ඇල්ලේ ප්‍රපාතෙට කඹෙන් බැස්ස ආමි දෙන්නෙක් අනතුරක තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් ගමන් ගත් විනෝද චාරිකා පෞද්ගලික බස් රථයක් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේ දී ඊයේ (4) රාත්‍රි ප්‍රපාතයකට පෙරලීයාමෙන් තුවාල ලැබූ තුවාලකරුවන් බේරා ගැනිමට කඹ ආධාරයෙන් ප්‍රපාතයට බැසීමට ගිය යුද හමුදා නිළධාරින් දෙදෙනකු ලිස්සා ඇද වැටී තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව ඇල්ල පොලිසිය පවසයි . 05 September 2025
බසය ප්‍රපාතයට පෙරැළිමට පෙර ජීප් රියකත් ගැටිලා ඇල්ල රාවණා ඇල්ල 15කණුව ප්‍රදේශයේදී 15 දෙනෙකුට මරු කැදවමින් 18 කට තුවාල සිදුවූ තංගල්ල නගර සභා සේවක පිරිස ගමන් ගත් විනෝද චාරිකා පෞද්ගලික බස් රථය ප්‍රපාතයට පෙරැළී යාමට සුළු මොහොතකට පෙර ඉදිරියෙන් පැමිණි සුඛෝපභෝගී ජීප් රථයකද ගැටී පසුව බස් රථය මාර්ගයේ ආරක්ෂිත යකඩ වැටේ ගැටී අඩිදහසක පමණ ප්‍රපාතයට පෙරැළී ගොස් ඇතයි ඇල්ල පොලිසිය පවසයි . 05 September 2025
අතීතේ අතුරුදන් වූවන් හොයන්න 75ක අනුමණ්ඩලයක් අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධයෙන් සිදු කරන පැමිණිලි පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 September 2025
අද කාලගුණය ඌව පළාත , අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල අද (05) ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 05 September 2025
නීති ගරුක රටකට නබි පණිවිඩය ආලෝකයක් සමනාත්මතාවෙන් සපිරි, නීතිගරුක සහ සාරධාර්මික රටක් ගොඩනැඟීමට දරන ප්රයත්නයට නබිතුමන්ගේ දහම නොනිමෙන ආලෝකයක් සපයන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මිලාද්-උන්-නබි උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. 05 September 2025
අවුරුද්දකට ළමා පිළිකා රෝගීන් නවසීයක් වාර්ෂිකව ලංකාවෙන් ළමා පිළිකා රෝගීන් නව සියයක් පමණ වාර්තා වන හෙයින් සැකසහිත රෝග ලක්ෂණයක් පහළ වූ සැණින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය. 04 September 2025
පිළියන්දල මැදිවිදුහල් ’’පුංචි මැතිසබේ’’ ජනපති කාර්යාලයේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ දී පැවැත්විණි. 04 September 2025
ඇල්ල අනතුරින් මිය ගිය ගණන 15ක් දක්වා ඉහළට වැල්ලවාය රාවණා ඇල්ලට නුදුරින් ඊයේ රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරින් 15 දෙනකු මිය ගිය බව පොලිසිය කියයි. 04 September 2025
වීසා අසාධාරණය වූ ක්‍රීඩකයෝ ඇමතිව හමුවෙති ආසියා කනිෂ්ඨ කරාතේ ශුරතාවලිය සඳහා සහභාගී වීමට වීසා ලබා ගත නොහැකි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ඔවුන්ගේ මව්පියන් පිරිසක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා හමුවිය. 04 September 2025
මණ්ඩලය අලුත් පියවරක් තබද්දී සහයෝගය දෙන්න රටේ ජනතාව වෙනුවෙන් විදුලි බල මණ්ඩලය ඉදිරි පියවරක් තබන අවස්ථාවේදී වැඩ වර්ජන සිදුනොකර තමන්ගේ සාධනීය දායකත්වය ලබාදෙන්නැයි වෘත්තිය සමිති වලින් ඉල්ලීමක් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය. 04 September 2025
ශෂීන්ද්‍රගේ ඇපෑලට දින දෙයි අරගල සමයේ විනාශයට පත් කළැයි කියන මහවැලි අධිකාරියට අයත් සෙවණගල ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපල සඳහා හානි පූර්ණ කාර්යාලය නිලධාරීන්ට බලපෑම් කර රුපියල් ලක්ෂ 88 1/2 ක වන්දි ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට ඇප නියම කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති ඇප ඇයැදුම ඔක්තෝබර් 02 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද (04) නියම කළාය. 04 September 2025
කොළතැන්න දුම්රිය මාර්ගයට මෝටර් රථයක් පෙරළෙයි බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල කොළතැන්න දුම්රිය හරස් මාර්ගය අසල දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයට අද (4) පස්වරුවේ පෙරලීයාමෙන් එක් අයෙක් තුවාල ලබා බණ්ඩාරවෙල රෝහලට ඇතුලත් කල බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි . 04 September 2025
රවි සෙනෙවිරත්නට එරෙහි නඩුව තාවකාලිකව අත්හිටුවයි බීමත්ව රිය පදවා අනතුරක් වළක්වා නොගැනීම ඇතුළු චෝදනා යටතේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගය තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් අද (04) නිකුත් කළේය. 04 September 2025
මිදිගම රුවන්ගේ පෙත්සම විසිවෙයි බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ අභ්‍යන්තර පරීක්ෂා කිරීම් වැනි කටයුතුවලින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඉවත් කරන්නැයි ඉල්ලා ප්‍රබල පාතාල කල්ලි නායකයකු බව කියන මිදිගම රුවන් නමැත්තා ගොනු කර තිබූ පෙත්සම විභාගයට නොගෙනම අභියාචනාධිකරණය අද (04) නිෂ්ප්‍රභ කළේය 04 September 2025
පොලිස් පරීක්ෂකවරුන්ගේ තීන්දුව පසුවට උප සේවයේ සිට නිත්‍ය සේවයට අන්තර්ග්‍රහණය කරනු ලැබු පොලිස් නිලධාරීන් හේතුවෙන් නිත්‍ය සේවයේ රාජකාරි කළ නිලධාරීන්ට උසස්වීම් දීමේදී සේවා කාලය සැළකීම හේතූවෙන් තමන්ට සිදුවන අසාධාරණයට සුදුසු විසඳුම් දෙන්නැයි ඉල්ලා පොලිස් පරීක්ෂකවරු 72ක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වල තීන්දුව පසුව ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) දැනුම දුන්නේය. 04 September 2025
හිටපු කොළඹ රදගුරු කෙනත් ප්‍රනාන්දු පියතුමෝ ස්වගර්ස්ථ වෙති කෙනත් ප්‍රනාන්දු හිටපු කොළඹ රදගුරුතුමෝ ස්වගර්ස්ථ වූහ. 04 September 2025
බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ් ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සිටියදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන පොලිසිය භාරයේ රඳවා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන්ගේ බිරිඳ යැයි කියන මිද්දෙණියේ පදිංචි සාජිකා සැකකාරිය ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද (4)නියෝග කළේය. 04 September 2025
සැහැල්ලු දුම්රිය මැදිරි තුනක් එකලස් කරන්න කැබිනට් අනුමැතිය සැහැල්ලු මැදිරි තුනකින් යුත් දුම්රිය කට්ටල දේශීයව එකලස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 September 2025
ස්ත්‍රී - තරුණ - ළමා රැකියා අඩම්තේට්ටම් දඩේ වැඩි කරයි ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදි වලට අදාල දඩ මුදල් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 September 2025
හල්ලොලුවගේ ඇප ප්‍රතික්ෂේප කරයි සිය වාහනයට වෙඩි තබා එහි තිබී ලිපිගොනු පැහැර ගත් බවට ව්‍යාජ රංගනයක් ඉදිරිපත් කළේ යැයි කියන ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ තුසිත හල්ලොලුව සැකකරුගේ ඇප ප්‍රතික්ෂේප කර ලබන 18 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද(28) නියෝග කළේය. 04 September 2025
එක්ස්ප්‍රස් පර්ල් විමර්ශනයකට සමාගම් ලොක්කෙක් දැලේ එම් වි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනි ගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව පුද්ගලික සමාගමක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 04 September 2025
ඔම්බුස්මන් කාර්යාලයේ පුටු බාගෙට බාගයක් හිස් ඔම්බුස්මන් කාර්යාලයේ තනතුරුවලින් අඩකට අාසන්න සංඛ්‍යාවක් එනම් පහළොවක් පුරප්පාඩුවී ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 04 September 2025
කැඩුණු අස්ථී හදන උපකරණ ගේන ප්‍රසම්පාදනය ලංකා සමාගමකට අස්ථී සවි කිරීම, කැඩුණු අස්ථි ස්ථායීකරණ සහ පෙළගැස්ම සහතික කිරීම සඳහා භාවිත කරනු ලබන උපකරණ කට්ටල සැපයීම සදහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 September 2025
මිරිදිය මසුන් ආරක්ෂා කරන්න කැබිනට්ටුවෙන් දැලක් මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන අස්වනු ආරක්ෂා කර ගැනීම සඳහා තෝරා ගත් නිත්‍ය ජලාශ වල දැල් ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 September 2025
රිය අනතුරින් හතරක් රෝහලේ අනුරාධපුර රඹෑව ඒ20 ප්‍රධාන මාර්ගයේ පරසන්ගස්වැව ප්‍රදේශයේදී අද (04) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කල බව පරසන්ගස්වැව පොලිසිය පවසයි. 04 September 2025
අලෙවිකරණ ආයතන පනත සංශෝධනයට ශ්‍රී ලංකා අලෙවි කරණ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 September 2025
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026